දේශීය පුවත්

ජුලි 27 බදාදා බැග්ඩෑඩ් හි ඉරාක පාර්ලිමේන්තුවට විරෝධතාකරුවන් කඩා වැදුණු ආකාරයි මේ.

එහිදී විරෝධතාකරුවන් සිය ගණනක් බැග්ඩෑඩ් හි අධි ආරක්ෂිත කලාපයක පිහිටි ඉරාක පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වැදුණි.

මුක්ටාඩා අල් සදාර්ගේ ආධාරකරුවන් එරට අගමැති ලෙස ප්‍රතිවාදී අපේක්ෂකයෙකු නම් කිරීම ඊට හේතු වී ඇත.

සදාර්ගේ දේශපාලන සන්ධානය පසුගිය ඔක්තෝම්බර් මාසයේ පැවති මහ මැතිවරණයෙන් වැඩිම ආසන සංඛ්‍යාවක් දිනා ගත් නමුත්, ඡන්දයෙන් පසු ඇති වූ දේශපාලන අර්බුදය හේතුවෙන් බලය අහිමි විය.

පොලිසිය විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළ බව වාර්තා වේ. එම අවස්ථාවේ කිසිදු මන්ත්‍රීවරයෙක් පරිශ්‍රයේ සිට නැත.

මෙම කණ්ඩායම ඇතුළුව තිබුණේ තානාපති කාර්යාල ඇතුලු අගනගරයේ වැදගත්ම ගොඩනැගිලි ගණනාවකට නිවහන වූ බැග්ඩෑඩ් හි අධි ආරක්‍ෂිත කලාපයටයයි.

ආරක්ෂක අංශ AFP ප්‍රවෘත්ති සේවයට පවසා තිබුණේ ආරක්ෂක හමුදා මුලදී අනවසරයෙන් ඇතුළු වූවන් නැවැත්වූ නමුත් පසුව ඔවුන් “පාර්ලිමේන්තුවට කඩා වැදුණු” බවයි.

ගීත ගායනා කරමින්, නටමින් සහ මේස මත වැතිර සිටි විරෝධතාකරුවන්ගෙන් ඉරාකයේ වත්මන් අගමැති මුස්තෆා අල් කධීමි ඉල්ලා සිටියේ ගොඩනැගිල්ලෙන් ඉවත් වන ලෙසයි.

ඉරාකයේ මුක්ටාඩා අල් සදාර් ආධාරකරුවෝ එරට බෑග්ඩෑඩ් පාර්ලිමේන්තුව වැටලුහ.


විරෝධතාකරුවන්ට ආරක්ෂක අංශ ජල ප්‍රහාර එල්ල කළේ.

එක් විරෝධතාකරුවෙකු ඉරාක පාර්ලිමේන්තුවේ කථානායකවරයාගේ මේසය මත වැතිර සිටිනු දක්නට ලැබිණි.

මාස නවයක් පුරා විසඳුම් රහිතව පැවති උද්ඝෝෂණයක තවත් අංගයක් ලෙස මෙය සිදුවිය. මෙතෙක් කාලයක් පුරාවට රටේ විවිධ දේශපාලන කණ්ඩායම් අතර ඇති වූ ආරවුල් නිසා නව රජයක් නිර්මාණය වීම පමා වී ඇත.

ඉරාකයේ අභ්‍යන්තර කටයුතු වෙත එක්සත් ජනපදයේ සහ ඉරානයේ බලපෑම නැවැත්වීමට ෂියා පූජකයෙකු හා සරෙවෝන් ජනතා ව්‍යාපාරයෙන් පැමිණ ඔක්තෝබර් මැතිවරණයෙන් ජය ලැබූ සදාර්ට අවශ්‍ය වී තිබේ.

නමුත් එතැන් සිට නිසි පාලන තන්ත්‍රයක් ‍ගොඩනැගීම අපහසු වී ඇත්තේ සදාර් ප්‍රතිවාදීන් සමඟ වැඩ කිරීම ප්‍රතික්ෂේප කර ඇති හෙයිනි.

ඔහු සහ ඔහුගේ ආධාරකරුවන් මොහොමඩ් අල්-සුඩානිගේ අගමැති අපේක්ෂකත්වයට විරුද්ධ වී ඇත්තේ ඔහු ඉරානයට ඕනෑවට වඩා සමීප යැයි ඔවුන් විශ්වාස කරන බැවිනි.

විරෝධතාකරුවන් පාර්ලිමේන්තුවට කඩා වැදීමට පෙර පොලිසිය විරෝධතාව නවතා දැමූ බව මුලින් පැවසේ.

මම සිදුවීම ඉරාකය ඛනිජ තෙල් වලින් පොහොසත් තත්ත්වයක තිබියදී පවා එරට මුහුණ දෙන බහුවිධ අර්බුද පිළිබඳ මතක් කිරීමකි.

දූෂණය, විරැකියාව සහ රාජ්‍ය සේවයේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් මහජන කෝපය මධ්‍යයේ 2019 දී මහජන විරෝධතා හරහා පුපුරා ගියේය.

හියුමන් රයිට්ස් වොච් සංවිධානයට අනුව එකල ආරක්ෂක හමුදා විසින් සිය ගණනක් වූ මිනිසුන් මරා දමා තිබේ .

2016 වසරේ ඇති වූ නොසන්සුන්තාව අතරතුරද සදර්ගේ ආධාරකරුවන් පාර්ලිමේන්තු කඩාවැඳීමක් කළහ.

ඉකුත් ජුලි 27 වනදා ඉරාකයේ එක්සත් ජාතීන්ගේ දූත මණ්ඩලය කියා සිටියේ විරෝධතාකරුවන්ට ඔවුන්ගේ ක්‍රියාවන් සාමකාමී සහ නීත්‍යානුකූලව පවතින තාක් කල් – විරෝධතා දැක්වීමට අයිතියක් ඇති බවයි.

(BBC සිංහල සේවය)



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අලුත්ම වෙනස්කම් මෙන්න

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුළත...


Read More

ගෝඨාභය ගැන තායිලන්තයෙන් නිවේදනයක්

ගෝඨාගේ ඉල්ලීමට තායිලන්තය අවසර දෙයි ශ්‍රී ලංකා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තායිලන්තය වෙත පැමිණීමට අවසර ඉල්ලීමක් සිදුකර ඇති බව තා...


Read More

ජනපති රනිල්ගෙන් අනුර කුමාරට ලිපියක්

අනුර කුමාරගෙන් බලාපොරොත්තු වන දේ ජනපති කියයි ජාතික සර්වපාක්ෂික වැඩපිළිවෙළ සඳහා රට වෙනුවෙන් සහයෝගය ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ජනාධිප...


Read More