ජාතික ඔලිම්පික් කමිටුව සිය ග‍්‍රහණයේ තබාගෙන සිටින හේම්සිරි මැක්ස්වෙල් කණ්ඩායම නිලවරණයක් පැවැත්වෙන බව ප‍්‍රකාශ වීමත් සමග ඊට දේශපාලන මුහුණුවරක් දීමට සූදනම් වන බව වාර්තාවේ.
2009 වසරේ ජාතික ඔලිප්පික් නිලවරණයෙන් සභාපතිවරයා ලෙස ි හේම්සිරි ප‍්‍රනාන්දු ද, ලේකම්වරයා ලෙස මැක්ස්වෙල් ද සිල්වාත් පත්විය. ඉන් පසු 2013 දී නිලවරණය පැවැත්වීමට සදානම් වූ නමුත් එවකට වොලිබෝල් සංගමයේ සභාපති ඩිලාන් පෙරේරා අමාත්‍යවරයා සභාපති ධූරයට තරග කිරීමට තීරණය කිරීම නිසා හේමසිරි කණ්ඩායම ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව නොමග යවමින් එම නිලවරණය අවලංගු කළහ. මේ වන විට නිලවරණයක් නොව වසර දෙකකින් කමිටුවේ කිසිදු රැුස්වීමක් පවත්වා නැත.
කෙසේ වෙතත් දෙසැම්බර් මාසයේ නිලවරණය පැවැත්වෙන බව ප‍්‍රකාශයට පත්වී ඇත. හේමසිරි ප‍්‍රනාන්ිදු මහතා ඊට තරග නොකිරීමට තීරණය කර ඇති අතර එම කණ්ඩායමේ උත්සාහය වන්නේ වත්මන් වොලිබේා්ල් සභාපති රන්ජිත් සියඹලාපිටිය අමාත්‍යවරයා සභාපතිධූරයට පත් කර ගැනීමය. මේ අතර රොහාන් ප‍්‍රනාන්ද මහතා සභාපතිධූරයටද, ඩයන් ගෝමස් මහතා ලේකම් ධූරයටද තරග කිරීමට තීරණය කර තිබේ. ටයිකොන්ඩෝ සංගමයේ සභාපති සබරගමුව පළාත් සභාවේ හිටපු සභාපති කාංචන ජයරත්න මහතාද මෙම කණ්ඩායමෙන් ඉදිරිපත් වීමට අදහස් කර ඇත. මේ වන විට ඔලිම්පික් කමිටුවට අනුබද්ධ ක‍්‍රීඩා සංගම් සංඛ්‍යාව 24කි. ඉන් 18 ක් ක‍්‍රියාත්මක අතර ඉන් 11ක සහාය හිමිව ඇත්තේ මෙම කණ්ඩායමටය. මේ නිසා තම කණ්ඩායමේ පරාජය වලක්වා ගැනීම සදහා තම ප‍්‍රතිවාදී කණ්ඩායම ‘‘මහින්දවාදී’’ කණ්ඩායමක් ලෙස ලේබල් කර ආන්ඩුවේ සහාය ලබා ගැනීම – හේම්සිරි මැක්ස්වෙල් කණ්ඩායමේ අරමුණ වී තිබේ. රොහාන් ප‍්‍රනාන්දු කණ්ඩායම මහින්දවාදී කණ්ඩායමක් ලෙස හැදින්වීමට හේතු වී ඇත්තේ කාංචන ජයරත්න මහතා එහි සාමාජිකයෙකු වීම පමණකි.
බහුතර ක‍්‍රීඩා සංගම් ප‍්‍රමානයක සහය ඔවන්ට හිමිව ඇත්තේ ඔවුන් මහින්දවාදී වීම නිසා නොව හේමසිරි මැක්සවෙල් කන්ඩායමේ අයථා කටයුතු වලට එරෙහි වීමක් වශයෙනි.
මේ අතර තමන්ට සහාය දෙන ක‍්‍රීඩා සංගම් ප‍්‍රමාණය අඩු නිසා තවත් ක‍්‍රීඩා සංගම් හතකට ජාතික ඔලිම්පික් කමිට සාමාජිකත්වය පිරිණැමීමට හේමසිරි – මැක්ස්වෙල් පරිපාලනය සූදානම් වෙමින් සිටින බවක්ද වාර්තාවේ. ඒ රග්බි, කරාටේ, කඩු හරඹ, බේස් බෝල්,තුන්ප‍්‍රයාව, නූතන පංච ප‍්‍රයාම හා රෝද සපත්තු යන ක‍්‍රීඩා සදහාය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...