දේශීය පුවත්

ඇතිව තිබෙන දේශපාලන වාතාවරණය මත තව දුරටත් ආණ්ඩුව සමග සහයෝජගයෙන් කටයුතු කල නොහැකි බවට දෙමල ජාතික සන්ධානය තුල මත ගැටුමක් ඇතිව තිබෙන බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

රජයේ අමාත්‍ය ධුරයක් ලබාගෙන විපක්ෂ නායක ධුරය අත්හැරීමට කටයුතු කරන මෙන් ආර්. සම්පන්දන් මන්ත්‍රිවරයාට ඉදිරිපත් කොට ඇති යෝජනාව පිළිබඳව බොහෝ කරුණු සිතා බැලිය යුතුව ඇතැයි සම්පන්දන් මන්ත්‍රිවරයා ප්‍රකාශ කොට තිබේ.

නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්තාවක් වෙනුවෙන් ආණ්ඩුවට මෙතෙක් සහයෝගය දුන්නද ශ‍්‍රීලනිප 16 ක් ආණ්ඩුවෙන් ඉවත් වීමත් සමග නව ව්‍යවස්ථාවක් සම්මත කිරීමට අවශ්‍ය 2/3 බලය අහිමි වීමත් සමග තව දුරටත් ආණ්ඩුව සමග කටයුතු කිරීම අවාසිදායක බව දෙමල සන්ධාන මන්ත‍්‍රී බහුතර පිරිසකගේ මතය වී ඇත.

මේ වන විට උතුරු පලාතේ දෙමල ජනතාවටග් ජීවන මට්ටම් සීඝ‍්‍ර බිද වැටීමට ලක්ව ආර්ථික වශයෙන් බොහා් අසීරුතාවන්ට පත්ව ඇති නිසා ඊට විසදුම් ලබා දිය හැක්කේ මහින්ද රාජපක්‍ෂ මහතාට බව එම මන්ත‍්‍රී පිරිසේ අදහස වී ඇත.

මෙනිසා මහින්ද රාජපක්‍ෂ මහතා සමග යම් එකගතාවයකට යා යුතු බවත් ඔවුන් සාකච්චා වෙමින් ඇති අතර දෙමල සන්ධාන නායක ආර්. සම්බන්දයෙන් මහතා සහ මහින්ද රාජපක්‍ෂ මහතා අතර සාකච්චාවක් පැවැත්වෙනුයේ එහි ආරම්භයක් වශයෙන් බවද වැඩි දුරටත් වාර්තා වෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More