පුරවැසි කොලම

ශ්‍රී ලංකා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යුද අපරාධ සම්බන්ධයෙන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා දකුණු අප්‍රිකාව පදනම් කරගත් මානව හිමිකම් සංවිධානයක් වන ජාත්‍යන්තර සත්‍යය සහ යුක්තිය ව්‍යාපෘතියේ (ITJP) නීතීඥයින් සිංගප්පූරුවේ නීතිපතිවරයා වෙත අපරාධ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන බවට ජාත්‍යන්තර සහ මෙරට මාධ්‍ය වාර්තාකර ඇත.

2009 සිවිල් යුද්ධයේදී ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයාව සිටියදී ජිනීවා සම්මුතීන් බරපතල ලෙස උල්ලංඝණය කළ බවත්, මේවා විශ්ව අධිකරණ බලය යටතේ සිංගප්පූරුවේ දේශීය නඩු පැවරීමට යටත් වන අපරාධ බවත් පිටු 63 කින් යුත්  ITJP පැමිණිල්ල තර්ක කරයි. ITJP පැමිණිල්ලේ සඳහන්කර සිටින්නේ ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේදී ගෝඨාභය රාජපක්ෂ ජිනීවා සම්මුතීන් බරපතල ලෙස උල්ලංඝනය කර ජාත්‍යන්තර මානුෂීය නීතිය සහ ජාත්‍යන්තර අපරාධ නීතිය උල්ලංඝනය කර ඇති බවයි. එම චෝදනානම් මිනීමැරුම්, මරණ දණ්ඩනය, වධහිංසා පැමිණවීම සහ අමානුෂික ලෙස සැලකීම, ස්ත්‍රී දූෂණය සහ වෙනත් ආකාරයේ ලිංගික ප්‍රචණ්ඩත්වය, නිදහස අහිමි කිරීම, දරුණු කායික හා මානසික හානි සහ සාගින්න වේ.

දරුස්මාන් වාර්තාව සැකසීමට දායකවූ යස්මින් සූකා නායකත්වය දරන ජාත්‍යන්තර සත්‍යය සහ යුක්තිය ව්‍යාපෘතිය ITJP මගින් මේ එල්ලකර ඇති චෝදනා කිසිවක් අපටනම් අළුත් චෝදනා නොවේ. එම චෝදනා යස්මින් සූකා සාමාජිකත්වය දැරූ දරුස්මාන් වාර්තාවෙන් ඉපිද වසර 2015 දී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අගමැතිව සිටියදී ඇමරිකාවට සම අනුග්‍රහයදී, අවිවාදිතව, මානව හිමිකම් සමුළුවේ 30 වෙනි සැසිවාරයේදී බෞතීස්ම කරන ලද චෝදනාවේ.

එහිදී 2009 න් අවසන් කරන ලද යුද්ධයේදී යුද්ධය මෙහෙයවූ යුද නායකත්වය සහ ඊට සහභාගීවූ නිලයින් සහ සොල්දාදුවන් යුද අපරාධ කලබවට මංගල සමරවීර මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන යහපාලන රජය විසින් ඒකමතිකව පිළිගන්නා ලදී. එසේ පිලිගන්නා ලද්දේ රාජපක්ෂ වරුන් සමග තිබූ හුදු වෛරය පෙරදැරි කරගෙන බව දේශ හිතෛශී ජනතාවගේ අදහසවුනි. එසේ වීමට මූලික හේතුව වූයේ එකී චෝදනා ලාභී කිසිවෙකුටවත් ස්වභාවික යුක්තිය ඉටුකර ගැනීමටවත් අවස්ථාවක් රනිල් මංගල සංයෝගය විසින් ඉඩ ලබා නොදීමයි.

සිංගප්පූරුවේ නීතියට අනුව අත්අඩංගුවට ගැනීමට සහ විශ්ව අධිකරණ බලය යටතේ නඩු පැවරීමට අවශ්‍ය අණපනත් හතරක් යහපාලනය බලය හෙබවූ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවෙන් සම්මත කරදීමේදී ඊට සෘජුව දායක වුන අධිකරණ ඇමතිවරයාද වත්මන් අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ මහතාම වේ.

අප 2015 වසරේ සිට දිගින් දිගටම පෙනීසිටියේ මංගල රනිල් සංයෝගය මගින් අපගේ යුද වීරයින්ට සිදුකළ අපරාධයෙන් අපගේ යුද විරුවන් ගලවා ගැනීමේ ක්‍රියාදාමයේ වේ. එහි එක් සංධිස්ථානයක් වූවේ මහින්ද රාජපක්ෂ ඇතුළු කිසිවෙකුටවත් තමාට එල්ලවී ඇති හොරා චෝදනාවෙන් සහ අධිකරණ කටයුතු වලට හැර අන් කිසිවෙකටවත් හිත යොමුකිරීමට නොහැකිව සිටි අවස්ථාවේදී ශ්‍රී ලාංකික දේශප්‍රේමීන්ගේ ඉල්ලීම පරිදි ජේෂ්ඨ නීතිඥ දර්ශන් වීරසේකර මහතා විසින් සකසන ලද රනිල් මංගලලා විසින් අවිවාදිතව පිළිගත් යුද අපරාධ චෝදනා වලට අභියෝග කරමින් සම්පාදිත විරුවන්ගේ විත්ති වාචිකය සඳහා සහයෝගය ලබාදීමයි. එය 2017 වසරේ මාර්තු මාසයේදී වත්මනේ රටෙන් පළාගොස් ඇති හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ට යුද වීරයින් විසින් පිළිගන්වන ලදුව ඉක්බිතිව ජනගත කරන ලදී. එම මස අවසන් සතියේදී එම වාර්තාව මානව හිමිකම් සමුළුවට රියර් අද්මිරාල් ආචාර්‍ය සරත් වීරසේකරයන් ප්‍රමුඛව අප විසින් බාර දෙන ලදී.

පසුගිය 2021 අවසාන භාගයේදී අප එවක හිටපු ජනපති ගෝඨාභය අබුඩාබිහිදී මුණගැසී එළෙඹෙන ජිනීවා සමුළුවේදී යුද අපරාධ චෝදනාවලට මුහුණ දෙන්නේ කෙසේදැයි විමසූ විට ඔහු පවසා සිටියේ ඒ සඳහා මධ්‍යස්ථ මතධාරී ද්‍රවිඩ ප්‍රාජාවගේ සහය ලබාගන්නා බවයි. එසේම 2022 ජනවාරි 10 වෙනි දින ආරක්ෂක රැස්වීමට කරුණු දැක්වීමට අප ලද ආරාධනය අනුව එහිදී අපගේ කරුණු පැහැදිලි කිරීම් ඉක්බිතිව ජී. එල්. පීරිස් මහතා ප්‍රකාෂ කරේ යුද අපරාධ වලට විරුද්ධව කටයුතු කිරීම එම චෝදනා කරන ලද ආයතන පිළිගැනීමක් සේ සැලකෙන බවයි. එවක හිටපු යුද හමුද ප්‍රධානීද පවසා සිටියේ “මොඩියරේට් ටැමිල් කොමියුනිටි” එක “එන්ගේජ්” කරගන්නා බවයි. අපගේ පැහැදිලි කිරීමවුනේ අප විසින් සම්පාදිත විත්තිවාචකය හෝ වැඩිදියුණු කරනලද වාර්තාවක් බාරදීමෙන් චෝදනාලාභීන්‍ට ස්වභාවික යුක්තිය ඉටුකිරීමට මානව හිමිකම් සමුළුවේ අවස්ථාවක් ලබා ගන්නා ලෙසයි. එය ඉදිරියේදී ඇතිවියහැකි අධික වියදම්කාරී ජාත්‍යන්තර අධිකරණ වලින් ගැලවීමේ මගක් මෙන්ම යුද අපරාධකරුවන් සේ සළකා ටොරොන්ටෝ ආදී ප්‍රාන්ත වලින් අපට එල්ලවන සමූල ඝාතන චෝදනාද වලක්වා ගැනිමේ එකම මග බවද අප පෙන්වා දෙන ලදී.

මානව හිමිකම් කොමිසමේ 49/1 යෝජනාව මගින් ස්ථාපනය කරන ලද බාහිර යාන්ත්‍රණයේ ක්‍රියාවන් වලංගු නොවීමට කළයුතු එකම දෙය වන්නේද යුද අපරාධවලින් අපේ රණවිරුවන් නිර්දෝෂ වීම සිදුකර ගැනීම වේ. නොඑසේනම්, සිංගප්පූරුවේ සිදුකළ ඇති තත්ත්වයට සමානව ලෝකයේ ඕනෑම රටකදී අපේ රණවිරුවන්ට අත්වන ඉරණම ඔය බව අප කල්තියා දැනුම්දී තිබුණි. ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව අප සිදුකළ කුමනම යෝජනාවක්වත් පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීමේ විපාක දැන් දැන් අත්විඳිමින් තිබේ.

යහපාලන රජයෙන් සිදුකරන ලද රණවිරු දඩයමට එරෙහි අපගේ දෙවැනි සංදිස්ථානය වූයේ 2019 දී ගෝඨාභය රාජපක්ෂව ජනාධිපති තනතුරට පත්කර ගැනීමයි. නමුත් ඉන් පසුව ඉහත සඳහන් කල ආකාරයේ ආකල්පයක් දැරීම හේතුවෙන් වසර පහක් තිස්සේ අප ගෙනගිය රණවිරුවන් රැකගැනීමේ කටයුතු සියල්ල ගඟට කැපූ ඉණිමෙන් දක්නට විය. මේ පිළිබඳව අප හා සහයෝගයෙන් කටයුතු කළ රණවිරුවන් බොහෝ දෙනෙක්ගේ මතයද ගෝඨාභය පීරිස් මතයෙන් බැහැර නොවීය.

බොරු චෝදනා යටතේ ගෝඨාභයට එරෙහිව කටයුතු කළ නොහැකි යැයි යමෙකුට තර්ක කළ හැක. ජෙයරාජ්ට එරෙහිව යස්මින්සූකා නඩුවේ මෙන් අපහාස චෝදනා යටතේ කටයුතු කළ හැකි යැයි තවෙකෙකුට තර්ක කළ හැක. ඒ කිසිවක් කළ නොහැක්කේ අදාල යුද අපරාධ චෝදනා චෝදනාලාභීන් විසින් ප්‍රතික්ෂේපකර නොතිබීමත් එම චෝදනා අසත්‍යබවට තහවුරු කර නොතිබීමත්, වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම යුද අපරාධ චෝදනා සත්‍යයැයි කියා පිළිගෙන තිබීමත් නිසාවෙනි.

එසේනම් මේ ඇත්තේ ඉතා බැරෑරුම් මංසංධියකට ජිනීවා මානව හිමිකම් සමුළුවෙන් නගන ලදා යුද අපරාධ චෝදනා පැමිණ තිබීමයි. මෙහිදී සිදුවිය හැකි ප්‍රථිඵල කිහිපයක් දක්නට ඇත. එනම්:

ගෝඨාභය ජීඑල්පීරිස් හා ශවේන්ද්‍ර සිල්වායන මහත්වරුන් සිතූ ආකාරයට මධ්‍යස්ථ මතධාරී ද්‍රවිඩයින් එන්ගේජ් කර ගැනීම සිදුකළ හැකිදැයි සොයාබැලීම ඔවුන්ට කළ හැක. එවන් ඉඩක් තිබේදැයි යන්න එම මහත්වරු මිස අන් කවරෙකුටවත් ඇතැයි සිතිය නොහැක. මධ්‍යස්ථ මතධාරී ද්‍රවුඩ ප්‍රජාව වන්නේ ආයෝජන ගෙනඒම සඳහා උතුර සහ නැගෙනහිර යාකර දෙනමෙන් බලකරන කණ්ඩායම් විය නොහැක.

දෙවන විධික්‍රමය වන්නේ සිංගප්පූරුවේ පනවා ඇති නඩු කටයුත්තට මුහුණ දීමයි. මේ සඳහා පුද්ගලිකව විශාල ධනයක් වියදම් කිරීමට සිදුවිය හැක. ජෙයරාජ් පලිහවඩනට එරෙහි යස්මින් සූකාගේ සිවිල් නඩුවට මෙතෙක් වියදම් කර ඇති මුදල හා සැළකීමේදී මානව හිමිකම් නඩුවක් වන ගෝඨාභයට එරෙහි නඩුවට කොපමණ ධනයක් වැය කරන්නට සිදුවේදැයි නිශ්චිත නැත. මෙහිදී අපරටේ ත්‍රස්ථවාදය අවසන්කළ රණවිරුවෙකුගේ අවසාන කාළය ජාත්‍යන්තර අධිකරණ වල ගෙවී යෑම පිළිබඳව කනගාටුව ප්‍රකාශ කිරීම හැර වෙනයමක් අපට කිරීමට ඉතිරිව නැත. කෙසේවුවද, නිසි ආකාරව මෙම යුද අපරාධ චෝදනා විභාග කරන්නේනම් සහ ඒ සඳහා මුහුණ දෙන්නේනම්  අනිවාර්යයෙන් එම චෝදනා බලරහිත කිරීමට හැකිවෙන බවට අපගේ විශ්වාසයයි. එබැවින් මෙම චෝදනා නිශේධනය කිරීමට ලැබීම මෙම නඩුවේ එක යහපත් ප්‍රථිඵලයක් ලෙස දැක්විය හැක.

තෙවන විධික්‍රමය විය හැක්කේ, ඔය කියන්නාවූ යුද අපරාධ චෝදනා සත්‍යයැයි ඔප්පු කරගැනීමට හැකි නොවන බව ඓඨ්Jඵ් ඇතුළු සියළුම කණ්ඩායම් දැනුවත් බැවින්, එම චෝදනා හුදු චෝදනා හැටියටම පමණක් ඓඨ්Jඵ් ආදී කණ්ඩායම් පවත්වා ගැනීමට තීරණය කිරීම සිදුවිය හැක. එසේ කිරීමෙන් අපේ රටට විරුද්ධව යුද අපරාධ චෝදනා සදාකල් පැවැත්වීමටත් දෙමළ අන්තවාදීන්ට අවශ්‍ය ආකාරයට අපරටට එරෙහිව අනෙකුත් රටවලින් කටයුතු කිරීමට සැලැස්වීම නොකඩවා කරගෙන යෑමත් කළහැකිවනු ඇත. එම ක්‍රමවේදය කිහිපදෙනෙකුට එරෙහිව ජාත්‍යන්තර අධිකරණවල නඩු පවරා එම චෝදනා නිෂ්ප්‍රභාකරගැනුමේ අවදානය ලබාගන්නවාට වැඩිය සියළුම අතින් දෙමළ අන්තවාදීන්ට වාසි සහගතවේ.

එබැවින්, ගෝඨාභය මහතාට ජාත්‍යන්තර අධිකරණ නඩුවට මුහුණදී ඉන් ජය ලැබ ගැනීමට හැකිවේවා යැයි ප්‍රාර්ථනා කරන්නෙමු.

තවද, දෙමල බෙදුම්වාදී ඩයස්පෝරාව ඉහත තුන්වන ආකාරයට කටයුතු කරන්නේනම්, පෙර වැරදි සකසා ගැනුම් වස් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන රජය අනිවාර්යයෙන් කළ යුත්තේ අප ගෝඨාභය රාජපක්ෂ මහතාව පත්කල කාරණය හෙවත් එතුමා සිදුකිරීමට අපොහොසත්වූ කාරණය වන යුද අපරාධ චෝදනා ලාභී රණවිරුවන් වෙනුවෙන් ස්වභාවික යුක්තිය ඉල්ලා විශේෂ සැසිවාරයක් මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලාසිටීමයි. මධ්‍යස්ථ මතධාරී ද්‍රවිඩයින්ගෙ අනුග්‍රහය ලබාගෙන යුද අපරාධ චෝදනා ඉවත්කර ගැනීම හුදු මිත්‍යාවක් යැයි එම කරුණ විශ්වාසකල රණවිරුවන්ටද මේ වනවිට දැනී ඇතැයි සිතමි. ජීඑල්පී සාධකයේ වටිනාකම අහෝසිවී ඇති මේ අවස්ථාවේ දේශපාලනිකවද එම මතය අහෝසිවී ඇතැයි සිතමි. නව විදේශ ඇමති අලි සබ්‍රි මහතාද ජේෂ්ඨ නීතිඥයෙකු බැවින් මේ පිළිබඳව විවෘත අදහසකින් යුක්තව ක්‍රියාකරනු ඇතැයි සිතමි.

යසස් ධර්මදාස,

ලේකම්,

ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුව.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More