පුරවැසි කොලම

සිරිමාවෝ බණ්ඩරනායක මැතිණිය ලෝකයේ පලමුවන අග්‍රාමාත්‍ය වරිය ලෙස දිවුරුම් දෙන්නේ 1960 අද වගේ දවසක. ඇය දිවුරුම්දුන් දවසෙ ජාතිය අමතා කළ කතාවෙදි එක තැනක කියනව මා මේ රට තුල ප්‍රජාතනත්‍රවාදි සමාජවාදි මග අනුගමනය කරමින් පාලනය ගෙන යන්නට පොරොන්දු වෙනව කියල. අගමැති තනතුරට පත්වි දින දෙකකට පස්සෙ 11 දෙනෙක් ගෙන් යුත් අමාත්‍ය මණ්ඩලයක් පත් කර ගන්නව. ඇය අපේක්ෂා කළ පරිදිම ඇමති මණ්ඩලයත් එක්ක රට ගෙනියන්න ලැබෙන්නේ නැහැ. හරියටම මීට වසර 50 කට ඉහත එනම් 1962 දී හමුදා කුමන්ත්‍රණයකින් රට අල්ල ගන්න පිරිසක් සැලසුම් කරනව. කුමන්ත්‍රණය මෙහෙයවූ බහුතරය කතෝලිකයො.

අද රනිල් ජනාධිපති ධූරයෙ දිවුරුම් දෙකකොට ඒ සිදුවීම මතක් වෙනව. සිරිමාවෝ මැතිණිය එදා තිබුණු සියළුම පුද්ගලික පාසල් ජනසතු කළා. ඉන් බහුතරයක අයිතිය තිබුනේ කතෝලික පල්ලිවලට .පල්ලි සියල්ල රටපුරා කැරලි ගැහැව්ව. පාසල් භූමි වල මිනිස්සු ගිහින් පදිංචි වුනා.අවසානයේ අරගලය විසදගන්න ඉන්දියාවෙන් මෙහෙට ආපු කතොලික පියතුමෙකුට මැදිහත් වෙන්න වුනා.

අදත් අරගල භූමියේ කතෝලික ප්ූජකවරු කන්‍යා සහෝදරියො පෙල ගැහිල. ප්‍රභාකරන් මිනි මරද්දි එයාල එලියට ආවෙ නැහැ.ඒත් ඇමෙරිකාවෙ උවමනාව ඉටු කරන වතිකානුවෙ බළල් අත්වෙච්ච කාදිනල් ලගෙ මාර මැදිහත් විමක් මේකට තියෙන්නෙ. පාප් වහන්සෙත් නිවේදන නිකුත් කරනව. මතක තියා ගන් සෝවියට් දේශය බිද වට්ටන්න පටන් ගත්තෙ වතිකානුවෙන් .පෝලන්තයේ හිටපු ලෙච් වැවෙන්සා කියන කම්කරුවෙක් උසි ගන්නල රටේ ජනාධිපති කෙරෙවිවා. අද මෙහෙ අරගලයෙ ඉන්න රැට්ටල වගෙ එකෙක. තමයි ඌත්. ඒ රැල්ල දිගටම ගිහින් සෝවියට් සමුහාණ්ඩුවෙ රටවල් එකිනි එක කඩා වැට්ටුව. අද දෙපැත්තට වෙලා කෙල ගන්න යුක්රේනය එදා සෝවියට් සමුහාණ්ඩුවෙ ප්‍රබල රටක.

බණ්ඩාරනායක මරපු තැන ඉදන් පටන් ගත්ත CIA කුමන්ත්‍රණ තාම ඉවර නැහැ. ඇමෙරිකාවෙ න්‍යාය පත්‍රය තමයි මේ දිග හැරෙන්නෙ (ජාත්‍යන්තර ත්‍රස්තවාදය හා CIA කියන පොතේ මේ ගැන හොද විග්‍රහයක් තියෙනව ) බණ්ඩාරනායක මාටින් ලුතර් කිං වගෙ ලෝක නායකයො ඝාතනය කරපු හැටි කියනව. දැන් ඇමෙරිකාවේ කුටප්‍රාප්තිය තමයි රනිල් බලයට පත් විම . අමු සිංහල බෞද්ධ ගෝටාව එලවිමත් ඉන් එකක්. අපි අවදියෙන් නොහිට බලය සදහා පොරකා ගත්තොත් මේ වැඩ පිලිවෙල ඉක්මන් වෙනව. උන් අපේ නායකයො බලය කියන කුණු මාලු කෑල්ලෙ පිලී ගදට හුරු කරවල. උන් ඇදෙන්නෙම එතෙන්ට.

සිරිමාවෝ එදා මුහුණ දුන්නෙත් මේ වගෙම මීට වඩා සරල අභියෝගයකට. විලියම් ගොපල්ලව අග්‍රාණඩුකාරය කරපු එකත් ඇමෙරිකාවෙ වැඩේට අවුලක් විදියට ගත්ත. හරියට ගෝට ජනාධිපති වුනා වගෙ. පස්සෙ දවසක 1962 ක්‍රමන්ත්‍රණය ගැන කියන්නම්. අදට අවුරුදු 50 ක් උන්ට තාම දිනන්න බැරිවුනා. අපි රනිල හරහා උන්ට දිනුම දීල බලා ඉදිමු ද

1994 බලයට ආපු චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව දෙමළ ජනතාවට සහන දෙන්න කියල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේනව දෙමළ ජනතාවට දෙන සහන පැකේජයක් කියලයි ඒක හැදින්වුනේ. ඒකෙ තිබ්බ ඒව දුන්න නම් අද අපට ඉන්න වෙන්නෙ ප්‍රභාකරන් යටතේ , මුළු රටෙන්ම ආව විරෝධය හින්ද පැකේජය අකුල ගත්ත.ඒකේ තිබුන එක යෝජනාවක් තමයි .

“ජනතාව විසින් තෝරා ගන්නා ජනාධිපතිවරයෙකු වෙනුවට පාර්ලිමේන්තුව විසින් ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනිමට කටයුතු කිරිම .මෙහිදී ඡන්ද දායකයෙකු ලෙස සුදුසුකම් ඇති ඕනෑම කෙනෙකුට ( පාර්ලිමේන්තු මන්ත්‍රි කෙනෙක් නොවන කෙනෙකුට වුනත් ) බහුතර කැමැත්තෙන් පත් කර ගන්න පුලුවන් “ කියන එක . අද රනිල් පත්වෙන්නෙත් ඒ විදියට මයි. රටටම එපා වෙච්ච පුරවැසියෙක් පාර්ලිමේන්තු බහුතරයෙන් ජනාධිපති වෙනව. සෑහෙන්න දුර දිග බලල තමයි චන්ද්‍රිකා ඒ වගන්තිය දාන්න ඇත්තෙ මගෙ හිතේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More