පුරවැසි කොලම

ඔන්න ඕකයි තත්වෙ..

July 21, 2022 11:17 pm | Lanka Lead News

විදේශ රටක දිගුකාලයක් රැකියාවේ උන් අයෙක් නිවැසියන්ව සර්ප්‍රයිස් කිරීමට සිතා තම මිතුරෙකුත් සමඟ හදිසියේ ලංකාවට ආවේය. නිවසට ළඟාවූ ඔහුට තමන් සල්ලි එවා හැදූ ගේ පෙනෙන විටම විදේශ මිතුරාට ‘ඔය මගේ ගේ….’ කියා ආඩම්බරයෙන් කීවේලු.

ඉන්පසු බාගෙට ඇරී තිබුණ විශාල ගේට්ටුව අතගා ‘මම ලක්ෂ පහක් වියදම් කරලා හදපු මගෙ ගේට්ටුව’ කීවෙලු. බගෙට ඇරුණ විශාල දොරෙන් එන විශාල සංගීත ශබ්දයට ‘මගෙ සෙටප් එක කොහොමද ‘ කියා මිතුරාගෙන් ඇසීලු. ආඩම්බරයෙන් පිරෙමින්, මගේ සෝෆ එක, මගේ දරුවන්ගේ පිංතූර ආදිය කියමින්, මිතුරාට පෙන්වමින් තම විශාල bedroom එකට ආවෙලු.
‘මේ මගේ බෙඩ් රූම් එක කියා පෙන්නුවේලු’……

ඉන්පසු හරියට වසා නොතිබුණ එහි දොර හැරියේලු. එහි විශාල ඇඳමත ඔහුගේ බිරිඳ තවත් අයෙක් සමඟ අමුහෙලිකොට්ටෙන් අම්මා තාත්තා සෙල්ලම කරමින් උන්නෙලු. කට ඇරුන මහත්තයා ‘අර මගේ වයිෆ්’ කියා බියට පත් කාන්තාව පෙන්නුවේලු. මෙතෙක් නිහඬව උන් මිතුරා ‘අර කව්දැයි’ ඇඳ මත උන් තරුණයා පෙන්වා ඇසුවේලු. මහත්තයා කිසිම වෙනසක් නොපෙන්වා ආඩම්බරයෙන්,

“ඒ මම”

කියා කීවේලු……
,
පොහොට්ටුවේ මිතුරනි, ඒ ඔබ නොවේය. ඒ එහාගෙදර සමන්ය. ඔහු ඔබේ ගෙට පැන, ඔබේ ඇඳ උඩ, ඔබේ බිරිඳ අපහරණය කරයි. ඔබේ කොතෙක් වැරදි, අඩුපාඩු තිබුණද එය ඔබේ විශ්වාසය අපහරණය කිරීමකි. ඔඅබ වෙහෙසින් ගොඩනැගූ ලෝකය තුලම ඔබව රැවටීමකි. සමන් ඒ ගොඩනැගීමට රුපියලක්, දහඩිය බිඳක් හෙළ නැත. ඉතින් කිසිසේත්ම එහාගෙදර සමන් යනු ඔබ නොවේය …. ලෝක ලැජ්ජාව වෙනුවෙන් බොරු නොකරන්න,

බලය වෙනුවෙන් හිස සහ පු# පටලාගත් හිස් දෙකේ අස්පයාට තවත් නොරැවටී අපත් සමඟ මේ අමාරු මැද මාවතට එන්න…..

-උපුටාගැනීමකි❤️-



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More