2022.07.18
කෝප් කමිටුවේ ගරු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මැතිතුමා වෙත
මහ බැංකුවේ වත්මන් අධිපති නන්දලාල් වීරසිංහ මහතාට එරෙහිව කරනු ලබන පැමිණිල්ලයි.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය මූල්‍ය පිළිබද සම්පුර්ණ පාලනය පාර්ලිමේන්තුව සතු වන බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වගන්තියේ ඉතා පැහැදිලිව දක්වා ඇත. එසේ තිබියදී ශ්‍රී ලංකා මහ බැංකුවේ වත්මන් අධිපති නන්දලාල් වීරසිංහ මහතා විසින් 2022.07.25 දින ගෙවීමට නියමිත ජාත්‍යන්තර ස්වෛරීත්ව බැදුම්කර (ISB) ගෙවීම පැහැර හරින බවට 2022.04.12 දින හෝ ආසන්න දිනෙක මේ වන විටත් ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත්කර ඇති අතර ඊට අදාල තාක්ෂණික පියවරක් වශයෙන් සැලකිය හැකි වන පරිදි මේ වන විටත් 2022.06.20 දින හෝ ආසන්න දිනෙක ගෙවිය යුතුව තිබූ ඇඩො මිලියන 78ක ගෙවීමක් පැහැර හැරීමට ද කටයුතු කර ඇති බව දැනගැනීමට ඇත. තවද දැනගැනීමට ලැබී ඇති ආකාරයට මෙම ගෙවීම පැහැර හැරීම මගින් ශ්‍රී ලංකා රජයට මූල්‍ය පහසුකම් සපයන ප්‍රධානතම මූල්‍ය ආයතනයක් විසින් ශ්‍රී ලංකා රජය අසාධු ලේඛණගත කර නැවත එම මූල්‍යායතනය වෙතින් ණය මුදල් ලබාගැනීමේ අවස්ථාව ද අහෝසි කර ඇත.
මේ සියළු පියවරයන් හරහා මහ බැංකුවේ වත්මන් අධිපතිවරයා විසින් උත්සාහ කරනුයේ අතිශය බරපතල කොන්දේසි සහිතව ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යොමු කිරීම බවටත්, එය ඔහු වෙත යම් රටට එරෙහි බලවේගයක්/බලවේග විසින් පවරන ලද ක්‍රියාකාරකමක් බවටත් සමාජයේ පැතිර පවතින සාකච්ඡාව පිළිබද ඇති සැකය වඩාත් තහවුරු වන අතර යම් හෙයකින් ඔහු විසින් තීරණය කරන ලද ආකාරයට 2022.07.25 දින ගෙවීමට නියමිත ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර නොගෙවා පැහැර හැරියහොත් දැනට ශ්‍රී ලංකා රජයට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් දිසා/ෆෙඩරල් අධිකරණයේ 2022.06.22 දින Hamilton Reserve Bank Limited විසින් ගොනු කර ඇතැයි කියන නඩුව මගින් ඉතා බරපතල තීන්දු ගැනීමට හැකියාව ඇති බව අප විසින් කරන ලද අධ්‍යයනයේදී හෙළිවී ඇත. ඒ අනුව;
වැනි බරපතල ප්‍රතිවිපාකයන්ට මුහුණ දීමට සිදුවනු ඇත. ඉහත කී ආකාරයේ තීරණයන් මේ වන විටත් පැනමා, පේරු, ආජන්ටිනා, ග්‍රෙනෙඩා, ග්‍රීසිය වැනි රාජ්‍යයන් සම්බන්ධයෙන් නිකුත් තර ඇති බව ජාත්‍යන්තර දේශපාලනයේ තොරතුරු නිතර ඇසුරු කරන ඔබතුමන් ද ඉතා හොදින් දන්නා බවට අපි විශ්වාස කරමු. තවද 2011 වසරේදී ඇමරිකාව විසින් Judgement Evading Foreign States Accountability Act නමින් නව නීතියක් සකස් කර සම්මත කිරීමට අදාල මූලික පියවරයන් ගෙන තිබෙන බව ද දන්නවා ඇතැයි අපි විශ්වාස කරමු.
ඒ අනුව රටක් විසින් ණය ගෙවීම පැහැර හැරීම කෙතරම් භයානක ප්‍රතිඵල ගෙන දෙන තත්වයක්ද යන්න පැහැදිලිවනු ඇත. එසේ තිබියදී අනාගතයේ ගෙවීමට නියමිත ණය පවා ගෙවීම නොකරන බවටත් ඒ් ණය පැහැර හරින බවටත් කල් තබා ප්‍රකාශයට පත් කිරීමට තරම් අනුවන කටයුත්තක යෙදීම යම් පුද්ගලික න්‍යායපත්‍රයකට අනුව සිදුකරනු ලබන කුමන්ත්‍රණකාරී කටයුත්තක් ලෙස සැක කිරීම කිසිසේත් නොසළකා හැරිය නොහැකි බව අවධාරණය කළ යුතුය.
තවද රාජ්‍ය මූල්‍ය පිළිබද සම්පුර්ණ පාලනය සතුවන පාර්ලිමේන්තුව හෝ මුදල් ඇමතිවරයා හෝ කැබිනට් මණ්ඩලය හෝ ජනාධිපතිවරයා හෝ නොතකා, සහ/හෝ ඔවුන් මගින් කටයුතු නොකර,
පාර්ලිමේන්තුව හෝ මුදල් ඇමතිවරයා හෝ කැබිනට් මණ්ඩලය හෝ ජනාධිපතිවරයා විසින් කළ යුතුව තිබූ “ශ්‍රී ලංකා රජය විසින් ණය ගෙවීම පැහැරහැරීම ප්‍රකාශයට පත්කිරීම” යන කරුණ, එසේ කිරීමට බලයක් නොමැතිව සිටිමින් සහ ඒ බව දනිමින් ම සහ තමන් ශ්‍රී ලංකා රජය නියෝජනය කරන බව හගවමින් 2022.04.12 දින හෝ ආසන්න දිනෙක මහබැංකු අධිපතිවරයා ලෙස ප්‍රකාශයට පත්කිරීම එම සැකය තහවුරු කරන ප්‍රබල සාධකයකි.
ඒ අනුව;
පළමු ඉල්ලීම වශයෙන්,
මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා විසින් 2022.04.12 දින හෝ ආසන්න දිනෙක ප්‍රකාශයට පත් කර ඇති ආකාරයට සහ 2022.05.18 දින හෝ ආසන්න දිනෙක ගෙවිය යුතුව තිබූ ඇඩො මිලියන 78ක ගෙවීමක් පැහැර හැරීමට ද කටයුතු කර ඇති ආකාරයට, 2022.07.25 දින ගෙවීමට නියමිත ජාත්‍යන්තර ස්වෛරීත්ව බැදුම්කර ගෙවීම ද පැහැර හැරීමට ඇති අවස්ථාව වළක්වන ලෙස ද එකී පැහැරහැරීම නොකරන ලෙසට ඔහුට නියෝග කරන ලෙස ද, එසේ පැහැරහැරීමක් නොකරන ලද බවට තහවුරු කරගන්නා ලෙස ද මෙයින් ඉල්ලා සිටිනු ලැබේ.
තවද,
ශ්‍රී ලංකා මහ බැංකුවේ වත්මන් අධිපතිවරයා වන නන්දලාල් වීරසිංහ මහතා එම ධුරයට පත්වීමට පෙර ද මහ බැංකුවේ දීර්ඝ කාලයක් සේවය කරන ලද පුද්ගලයකු වන අතර විශේෂයෙන් 2013-2016 අතර කාලය තුළ මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයකු ලෙසත් 2016-2019 අතර කාලය තුළ මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨතම නියෝජ්‍ය අධිපතිවරයා ලෙසත් කටයුතු කර ඇත. ඒ අනුව ඔහුට එරෙහිව ඉදිරිපත් කරනු ලබන මෙම පැමිණිල්ල ඔහුගේ එක් එක් කාලය තුළ කරනලද අව-කළමණාකරණය, බලය අවභාවිතය, නොසැලකිල්ල, වැරදි සහගත ක්‍රියා සහ නොකරහැරීම් සම්බන්ධයෙන් ඉදිරිපත් කරනු ලැබේ.
මේ වන විට රට පත්ව තිබෙන ආර්ථික අර්බුදයට ඔහුගේ එම අව-කළමණාකරණය, නොසැලකිල්ල, වැරදි සහගත ක්‍රියා සහ නොකරහැරීම් තීරණාත්මකව බලපා ඇති සහ බලපාන්නාවූ හෙයින් ද, අවසානයේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය වෙළදපල තුළ අවශ්‍රේණිගත කිරීමට සහ රටේ ජනතාවට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය පවා අහිමිවීමට ඔහුගේ එම අව-කළමණාකරණය, බලය අවභාවිතය, නොසැලකිල්ල, වැරදි සහගත ක්‍රියා සහ නොකරහැරීම් ඉතා තීරණාත්මකව බලපා ඇති සහ බලපාන්නාවූ හෙයින් ද, ඔහුට එරෙහිව මෙම පැමිණිල්ල විභාගකොට යම් හෙයකින් ඔහුගේ වැරදි සහගතබව සනාථ වන්නේ නම් නිසි අධිකරණ ක්‍රියාමාර්ගයක් මගින් එම හානිය පූරණය කිරීමට සහ වරදකරු ලෙස ඔහුට දඩුවම් ලබාදීමට කටයුතු කරන මෙන් ද මෙයින් ඉල්ලා සිටිනු ලැබේ.
එම සංචිතත් ආදායමත් අදාල බැඳුම්කර සඳහා වන ගෙවීම් කිරීමට ප්‍රමාණවත් නොවන බව ද දනිමින්,
පහත සදහන් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර නිකුත් කිරීමට අදාල නිර්දේශ කිරීම, ඒවා නිකුත් කිරීමට කටයුතු කිරීම සහ ඒ සදහා මහබැංකුව මෙහෙයවීම,
නිකුත්කරනලද මුළු බැදුම්කරවල වටිනාකමේ එකතුව ඇඩොමි 3650
පහත සදහන් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර නිකුත් කිරීමට අදාල නිර්දේශ කිරීම, ඒවා නිකුත් කිරීමට කටයුතු කිරීම සහ ඒ සදහා මහබැංකුව මෙහෙයවීම.
නිකුත්කරනලද මුළු බැදුම්කරවල වටිනාකමේ එකතුව ඇඩොමි 9900
3. එලෙස නිකුත් කරන ලද බැඳුම්කර මගින් ලද මුදල් නිසිලෙස ආයෝජනය නොකිරීම සහ එසේ නොකිරීම සම්බන්ධයෙන් වගකිවයුතු නිළධාරියකු ලෙස කළයුතු අධීක්ෂණය සහ පසුවිපරම නොකර හැරීම.
4. ඉහත 1 සහ 2හි දැක්වූ බැඳුම්කර මගින් උපයාගත් මුදල් 5% සිට 7% දක්වා වන පොලියකට ලබාගත් බව දනිමින් ම, ඒ මුදල් යොදාගනිමින් පවත්වාගෙන ගිය සංචිත, 1%ක හෝ ඊට ආසන්න පොලියට නැවත ආයෝජනය කිරීම.
5. මහබැංකු අධිපතිවරයා ලෙස මුදල් ඇමතිවරයා හෝ කැබිනට් මණ්ඩලය හෝ ජනාධිපතිවරයා හෝ නොතකා, සහ/හෝ ඔවුන් මගින් කටයුතු නොකර, “ශ්‍රී ලංකා රජය විසින් ණය ගෙවීම පැහැරහැරීම” යන කරුණ, එසේ කිරීමට බලයක් නොමැතිව සිටිමින් සහ ශ්‍රී ලංකා රජය නියෝජනය කරන බව හගවමින් 2022.04.12 දින හෝ ආසන්න දිනෙක ප්‍රකාශයට පත්කිරීම සහ ඒ මගින් ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර අධිකරණ ක්‍රියාවලිය තුළ විත්තිකාර තත්වයට පත්කිරීමට කටයුතු කිරීම. [ඔහු මහ බැංකු අධිපති ධූරයෙහි වැඩ ආරම්භ කරනුයේ අප්‍රියෙල් 7 වෙනිදාය. ඔහු ඉදිරියේදී ණය නොගෙවන(pre-emptive negotiated default) බව ප්‍රකාශ කරන්නේ අප්‍රියෙල් 12 වනදාය. අප්‍රියෙල් 9 සහ 10 සති අන්තය වන අතර අප්‍රියෙල් 11 සහ 12 රජය ප්‍රකාශිත නිවාඩු දිනයන් වේ. ඒ අනුව 7 වෙනිදා වැඩ බාරගත් ඔහුට ඉහත තීරණය සඳහා අවශ්‍ය තොරතුරු සහ විමර්ශණයන් කිරීමට අවශ්‍ය සහය ඇත්තේ අප්‍රියෙල් 8 වනදා පමණි. මෙතරම් සුලු කාලයක් රටක් වෙනුවෙන් තීරණයක් ගැනීමට අවශ්‍ය අධ්‍යයනය කිරීමට ප්‍රමාණවත් නොවේ. ]
6. 2022.05.18 දින හෝ ආසන්න දිනෙක ගෙවියයුතුව තිබුනු පොලි මුදල නොගෙවීම මගින් තාක්ෂණික පැහැරහැරීම යන තත්වය තෘප්ත කිරීම සහ ඒ මගින් ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර අධිකරණ ක්‍රියාවලිය තුළ විත්තිකාර තත්වයට පත්කිරීමට කටයුතු කිරීම.
7. උන්ඩියල්/හවාලා යන නීතිවිරෝධී මුදල් හුවමාරු ක්‍රම සිදුවන බව දනිමින් ම සහ එසේ සිදුවීමට ඉඩ හැරීම රටේ ආර්ථිකයට අතිශය හානිකර බව දනිමින්ම එම නීතිවිරෝධී මුදල් හුවමාරු ක්‍රම නතර කිරීමට සහ වැළැක්වීමට නිසි පියවර නොගැනීම .
යන ක්‍රියාවන්ට සෘජුවම සහ/හෝ වක්‍රාකාරයෙන් හෝ සම්බන්ධ වෙමින් කටයුතු කර ඇති බැවින් හා කටයුතු කරමින් සිටින බැවින්;
දෙවන ඉල්ලීම
ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයකු ලෙසත්, ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨතම නියෝජ්‍ය අධිපතිවරයා ලෙසත් සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙසත් නන්දලාල් වීරසිංහ මහතා විසින් සිදුකරන ලද පහත සදහන් අව-කළමණාකරණය, බලය අවභාවිතය, නොසැලකිල්ල, වැරදි සහගත ක්‍රියා සහ නොකරහැරීම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන මෙන් මෙයින් ඉල්ලා සිටිමු.
තවද එම පරීක්ෂාවේදී අවශ්‍ය වන ආකාරයට එම අව-කළමණාකරණය, බලය අවභාවිතය, නොසැලකිල්ල, වැරදි සහගත ක්‍රියා සහ නොකරහැරීම් සදහා සහභාගී වූ, සහය දැක්වූ සහ පහසුකම් සැපයූ හිටපු මහබැංකු අධිපතිවරුන්, හිටපු සහ වත්මන් මුදල් අමාත්‍යාංශ ලේකම්වරුන්, මූල්‍ය මණ්ඩල සාමාජිකයන් ආදිය ද ගෙන්වා එම පරීක්ෂණය වඩාත් සාධනීය ප්‍රතිඵල ගෙන දෙන්නක් බවට පත්කරන මෙන් ද මෙයින් ඉල්ලා සිටිනු ලැබේ.
ඉංජිනේරු කපිල රේණුක පෙරේරා
සභාපති – (0766846623)
වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...