පසුගිය දිනවල පොහොට්ටු පක්ෂය තුළ දේශපාලන කුණාටුවක් හටගෙන තිබුණා. දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන්නේ මීට මුල්වුණේ ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා බවයි.
ප්‍රනාන්දුපුල්ලේ මන්ත්‍රීවරියට නියෝජ්‍ය කතානායක පුටුවට එන්න බැරිවුණෙත් මේ කුණාටුවේ ප්‍රතිපලයක් ලෙසයි. කෙසේ වෙතත් මේ ආරවුලට බලපෑ ප්‍රධානම හේතුව වී තිබෙන්නේ ඉදිරි ජනාධිපතිවරණයේදී ඒකාබද්ධයේ අපෙක්ෂකකම දෙන්නේ කාටද යන ප්‍රශ්නයයි.
වැඩි පිරිසක් ගෝඨාභය රාජපක්ෂ ඉල්ලද්දී තවත් පිරිසක් බැසිල් රාජපක්ෂට අපෙක්ෂකත්වය දෙන්නැයි ඉල්ලීම නිසා මේ අරගලය වඩාත් උග්‍රවී තිබෙනවා.
ඒකාබද්ධයේ ගෝඨා, බැසිල් හිතවාදීන් ඒ ඒ පාර්ශවවලට ඇනුම්පද කීමට තරම් මේ තත්ත්වය දුරදිග ගිය නිසා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂටත් මේ තත්ත්වය විශාල ගැටළුවක් වීම නිසාම මේ දේශාපලන කුණාටුව සමනය කරන අදහසින් රහසිගත හමුවක් කැදවීමට පසුගිය සතියේ ඔහු තීරණය කර තිබෙනවා.
නුගේගොඩ සමීපයේ ඇති රාජපක්ෂ පවුලේ සහෝදරියකගේ ඇඹුල්දෙනියේ පිහිටි නිවසේ බොහෝම ප්‍රීතිමත් සැඳෑ සාදයක් සමග භෝජන සංග්‍රහයක් ලෙසයි මේ හමුව සිදු වී තිබුණේ.
මහින්ද සමග මෙම හමුවේ දී එක් වී තිබුණේ චමල්, ගෝඨාභය සහ බැසිල් යන සොයුරන් සිව් දෙනා පමණක් බව ද වාර්තා වෙනවා.
පැය ගණක් තිස්සේ සොයුරන් කතාබහේ නිරත වී ඇති අතර ජනාධිපතිවරණය ගැන රාජපක්ෂ පවුලේ අවසාන තීරණය ඒ අතරේ දී ගෙන ඇති බව ද පැවසෙනවා.
ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන රාජපක්ෂවරයා කවුරුන්ද යන්න ගැන අවසන් තීරණය ගත් බව පමණක් පිටට ආරංචි වූ අතර එම තීරණය නිසි වේලාව එන තුරු රහසක් ලෙස තබාගන්නටයි සොයුරන් සිව්දෙනා එකඟ වී ඇත්තේ.
මහනායක හිමිවරුන්දගෙන්ද භෞතිස්ම ලද රාජපක්‍ෂට අපේක්කත්වය ලබාදීමට මෙම සාකච්තීඡාවේදී තීරණය වූ බවත් ජනමතයට පිටුපා පරාජයේදී මාවත් පක්‍ෂයත් අතහැර රට පැනගොස් සිටි කෙනෙක් මේ සටනට දාන්නේ කොහොමද? එහෙම උනොත් අපි පරාජය වෙනවා. ඒකාබද්ධ විපක්‍ෂයේ රත්නපුර දිස්ත්‍රික් කැරලිකාර මන්ත්‍රිවරයකුට හිටපු ජනපති රහසින් පවසා ඇත්වතේ උපන් දින සාදයකදීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...