මුහුණු පොතෙන්

ගෝඨාගේ ආණ්ඩුව විනාශ වූයේ විමල් නමැති ජාතිභ්‍රෂ්ටයා නිසා බව පෙන්වා දීමට එරන්ද ගිනිගේ නමැත්තෙකු ලිපියක් ලියා තිබේ. එරන්ද ගිනිගේ යනු පිළිතුරු දීමට තරම් වැදගැම්මකට ඇති පුද්ගලයෙකු නොවුණද වෙනත් ජාතිකවාදී පිරිස් තුළද මේ ගැන සැක සංකා තිබිය හැකි බැවින් පිළිතුරක් ලිවීම වැදගත් යැයි සිතමි. මේ සඳහා පළමුව හිස් වචන රහිතව ගෝඨාභය සියතින්ම තම විනාශය කැඳවාගත් ගමනේ ඉතිහාසය කරුණු සහිතව සිහිපත් කර දිය යුතුය.

1. ගෝඨා බලයට පත්වූ විගස අදූරදර්ශී බදු කපාහැරීම් හරහා පසුකාලීන ආර්ථික අර්බුදයකට මග පාදාගත්තේ විමල් වීරවංශ නිසාද?

2. චක්‍රලේඛ වෙනස් කරමින් ප්‍රාදේශීය හෙංචයියන්ට කැලෑ කපන්නට ඉඩසලසා දී විශාල ජනතා විරෝධයක් තමන් වෙත කැඳවා ගත්තේ විමල් වීරවංශ නිසාද?

3. හෝටල් නිරෝධායනය හරහා විදෙස්ගත ශ්‍රමිකයන්ව නින්දා සහගත ලෙස ගසා කෑමට ව්‍යාපාරික චෞරයන්ට ඉඩ සලසා දුන්නේ විමල් වීරවංශ නිසාද?

4. අධිකරණයෙන් වාරණ වැටුණු පී. බී. ජයසුන්දර ජනාධිපති ලේකම් ධුරයට පත්කළේ විමල් වීරවංශද?

5. පාත් පයින්ඩර් පදනමේ මිලින්ද මොරගොඩ ඉන්දියාවේ තානාපති ලෙස පත්කළේ විමල් වීරවංශද?

6. ජනනාත් කොළඹගේ වැනි පාත් ෆයින්ඩර්කාරයන් විදේශ ලේකම්ලා ලෙස පත්කළේ විමල් වීරවංශද?

7. මුළු රටේම විරෝධය මැද තම පවුල වෙනුවෙන් රටේ ව්‍යවස්ථාව සංශෝධනය කොට ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු ඒමට ඉඩ සලසා දුන්නේ විමල්ගේ වුවමනාවටද?

8. අධිකරණ ඇමති අලි සබි්‍රගේ ජාතිවාදී මෙහෙයුම් හමුවේ ආණ්ඩුව කිරා වැටෙන විට අද විමල්ට චෝදනා කරන ඇටිකිච්චන් සිටියේ කොහේද?

9. බෙදුම්වාදය වෙනුවෙන් දිවි හිමියෙන් පෙනී සිටි කිලී මහරාජාගේ දූතයන්ට ජනාධිපති මාධ්‍ය ප්‍රධානී තනතුරු පිරිනැමුවේ විමල් වීරවංශද?

10. සීනි වංචාව, පොල්තෙල් වංචා, සුදු ඵෑණු වංචා හරහා රජයට රුපියල් බිලියන ගණනක ආදායමක් අහිමි කරමින් ගජ මිතුරු ව්‍යාපාරිකයන් පෝසත් කළේ විමල් වීරවංශද?

11. මහ බැංකු බැඳුම්කර වංචාව, පාස්කු ප්‍රහාරය සම්බන්ධ පිළිගත හැකි ක්‍රියාමාර්ග නොගැනීමට වරදකරුවා විමල් වීරවංශද?

13. දූෂිත බලවේග විසින් පාස්කු ප්‍රහාරයේ චෝදනාව ගෝඨාභය මත පටවා, ඒ මතය සාමාන්‍ය ජනමතය බවට පත් කරන තුරු ආණ්ඩුවත්, ජනාධිපතිවරයාත් ඇස් කන් නැති මී හරකුන් සේ නිදිවැදුණේ විමල් වීරවංශගේ වුවමනාවටද?

14. අද මුළු රටම පාස්කු ප්‍රහාරය ගෝඨාභයගේ වැඩක් යැයි විශ්වාස කරන අතර, ඉස්ලාම් අන්තවාදීන්ගේ අපරාධ නිහඬවම තමන් මත පවරාගන්නා තරමට නිවට නියාලු කැඳයෙකු වූ මේ ජනාධිපතිවරයා සිංහල බෞද්ධකම ආරක්ෂා කරන්නේ කෙසේද?

15. කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දීය අදානි සමාගමට පවරා දීමට ආණ්ඩුව උත්සාහ කළේ විමල් වීරවංශ නිසාද?

16. කොතලාවල පනත වැනි මහින්ද රාජපක්ෂ පවා විරුද්ධ වූ යහපාලන පනත් කඩිමුඩියේ සම්මත කරගැනීමට ගොස් ආණ්ඩුව හත්පොළේ ගා ගැනීමට වරදකරුවා විමල් වීරවංශද?

17. ලෝකේ කිසිදු රටක, කිසිදු පාලකයෙකු විසින් ගෙන නැති ආකාරයේ නැති අන්ත තකතීරු කෘෂි රසායන තහනමක් හරහා මෙරට ආර්ථිකය මහා අර්බුදයකට ඇද දැමුවේ විමල් වීරවංශද?

18. කෘෂි රසායන නාඩගම ඔස්සේ රටේ සමස්ත අපනයන ආදායමෙන් සීයට 12ක් උපයා දුන් තේ කර්මාන්තය බිහිසුණු අනතුරකට ඇද දැමුවේ විමල් වීරවංශද?

19. දුමින්ද සිල්වා වැනි චෞරයන් ජනාධිපති සමාව යටතේ නිදහස් කොට රජයේ තනතුරු ලබාදෙමින් හැටනම ලක්ෂයට වඩා දුමින්ද තමාට වටිනා බව පෙන්වූයේ විමල් වීරවංශද?

20. මිල්කෝ ආයතනය ලාභ ලබන තත්ත්වයට ගෙන ආ ලසන්ත වික්‍රමසිංහ එහි සභාපති ධුරයෙන් ඉවත් කොට ඊට දේශපාලන හෙංචයියන් පත් කළේ විමල් වීරවංශද?

21. වසර හතළිහක් තිස්සේ ප්‍රයෝජනයට නොගත් එප්පාවල පොස්පේට් නිධියට අදාළ නිසි වැඩපිළිවෙළක් සකස් කර ඉතා සාර්ථකව එහි ප්‍රතිපල ලැබෙමින් තිබියදී එය විමල් අමාත්‍යවරයාගේ විෂය පථයෙන් ඉවත් කළේ කවුද? කාගේ වුවමනාවටද?

22. කිසිදු ජනවරමක් නැති බැසිල් රටේ මුදල් ඇමති ලෙස පත් කරමින් මේ නීච ජනාධිපතිවරයා නැවත නැවතත් ඔප්පු කළේ තමන්ට ජනවරමට වඩා පවුල වටිනා බව නොවේද?

23. වැරදි නිවැරදි කරගැනීම වෙනුවට එදා ආණ්ඩුව කළේ තිස්ස කුට්ටිආරච්චිලා වැනි පාදඩයන් යොදාගනිමින් ආණ්ඩුව නිසි මග ගෙනයාම වෙනුවෙන් අරගල කළ ජාතික බලවේගවලට දිගින් දිගටම පහරදීම නොවේද?

24. අපේ පවුලේ ප්‍රශ්න හදන්නට එන්න එපා වැනි සිල්ලර කතා ප්‍රසිද්ධියේම කියමින් ජනාධිපතිවරයා එදා පෙන්වා දුන්නේ තමන්ට නිවැරදි වීමට කිසිදු වුවමනාවක් නැති බව නොවේද?

25. කොන්දේසි රහිතව ලංකාවට උදව් කළ චීනය පසෙක තබා දරුණු බෙදුම්වාදී කොන්දේසි මත උදව් කරන ඉන්දියාව වෙත රට නැඹුරු කළේ කාගේ වුවමනාවටද?

26. මහ බැංකු අධිපති ඇතුළු නිලධාරීන්ගේ ඉල්ලීම් නොතකා හරිමින් ආර්ථික වශයෙන් දරුණු අගාධයක් කරා රට ඇද වැට්ටවීමට තම සහෝදරයා කටයුතු කරන විට එදා මේ ජනාධිපතිවරයා කොමා තත්ත්වයේ පසුවූයේ කුමක් නිසාද?

27. ආර්ථික කඩාවැටීම තීව්ර කර ඒ ඔස්සේ මතුවන අර්බුදය හරහා ඉන්දු ඇමරිකානු බෙදුම්වාදී මෙහෙයුමට රට යටත් කිරීමට තම සහෝදරයාගේ සැලැස්ම බව මේ ඊනියා දේශප්‍රේමී නායකයාට නොපෙනුණේද?

28. මැයි නම වැනිදා ගෝල්ෆේස් පිටියට මැරයන් යවමින් රටම මහා භීෂණයකට ඇද දැමීමෙන් නොනැවතී, තම මන්ත්‍රීවරුන්ගේම ගෙවල් සිය ගණනක් ගිනි තබා විනාශ කරන තුරු හමුදාවට සිල් ගන්නට සැලැස්සූ නායකයෙකු ලෝකයේ කිසිම රටක සිටිය හැකිද?

29. ඒ ඔස්සේ රටේ නීතිය හා මහජන ආරක්ෂාව බල්ලාට දමමින්, මැර කල්ලිවලට ලයිසන් දෙමින්, ගෙවල් ගිනි තැබීමේ තර්ජනයට බියෙන් තීන්දු ගැනීමට සිදුවන අවාසනාවන්ත තත්ත්වයක් කරා රට ඇද දැමූයේ කවුද?

> මෙහි සඳහන් සියලු කාරණාවලට වග කිව යුත්තේ ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවය.

> එදා මෙදා තුර විමල්ලා කළ කී කිසිදු දෙයක් පොදු ජනතාවගේ විරෝධය කැඳවීමට හේතු වී නැත.

> විමල්ටද අදටත් ජනතාව බනින්නේ එදා සාමූහික වගකීම වෙනුවෙන් විවේචන සහිතව වුවද ද්විත්ව පුරවැසි පනතට ඡන්දය දීම ගැනය.

> අද ගෝඨාභය ඉවත් වූ පසු ඔහු ගැන ඇතිවූ අනුකම්පාවද පෙරදැරි කරගනිමින් ගෝඨාභය ගැන හැඟීම්බර කවි කතන්දර ලිවීමට පෙළඹෙන සියලු දෙනා මේ අතීතය සිහියට නඟා ගැනීම වැදගත්ය.

> ඔහු එලවා දැමීමේ මෙහෙයුම පසුපස දුෂ්ට බාහිර බලවේග සිටින බව ඇත්තක් වුවද, ඊට බලපෑ බිහිසුණු අභ්‍යන්තර කාරණා අමතක කොට ගෝඨාභය සුරතල් කිරීම කිසිසේත්ම ප්‍රඥා ගෝචර නැත.

> ඊටත් වඩා භයානක කාරණාය වන්නේ ඒ ඇත්ත සපුරා අමතක කොට, බෝම්බයේ අනතුර කල් තියා පෙන්වා දුන් පුද්ගලයා බෝම්බකාරයා බවට පත් කිරීමට අද ඇතමුන් උත්සාහ දැරීමය.

> පුදුමය වන්නේ කුජීත බැසිල්ලාට අවශ්‍ය ඒ මතය ඇතැම් ජාතිකවාදීන්ද කර තබාගෙන යාමය.

> ජාතිකත්වය රැකීම යනු ඊනියා සාමූහික වගකීමේ නාමයෙන් බැසිල්ගේ න්‍යාය පත්‍රයට රට ගොදුරු කිරීම නොවේ.

අවසාන වශයෙන් මේ එරන්ද ගිනිගේ නමැති අහසින් පාත්වූ පක්කලියා ගැනද වචනයක් කිව යුතුය. මුලදී වියත් මග ඔස්සේ ගෝඨා වෙනුවෙන් පෙනී සිටි මේ ඊනියා වියතා ඊට ටික කලකට පසු ගෝඨාට ප්‍රසිද්ධියේ බැණ වදිමින් යහපාලන විකල්ප රැඩිකල් කල්ලි සමග යහන් ගතවූ දේශපාලන ගණිකාවකි. එසේ සිටි ඔහු හදිසියේ නැවත දේශප්‍රේමියෙකු වී ගෝඨාගේ ජනාධිපති උපදේශක පට්ටමක්ද ලබාගත්තේය.

එවැනි පසුබිමක් ඇති ගිනිගේ වැනි ඔල්මාදකාරයෙක් ජනාධිපති උපදේශක ලෙස පත් කරගත් ජනාධිපතිවරයෙකුට මෙවන් ඛේදනීය සමුගැනීමක් හිමිවීම ගැන කිසිවෙකු පුදුම විය යුතු නැත.

ඉසුරු ප්‍රසංග



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More