මුහුණු පොතෙන්

මෑතකාලීනව ගෝඨාභය ගත් වැරදි තීන්දු තීරණ නිසා 2020 සිට ඉල්ලා අස් වූ සහ තනතුරෙන් පහ කළ ලෝක නායකයින් කිහිපදෙනෙක්ගෙ නම් පහත දැක් වේ…
▶️එංගලන්තයේ අගමැති බොරිස් ජොන්සන් ඉල්ලා අස් වූයේ ගෝඨාභය රාජපක්ෂගෙ වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසාය..
▶️ඉතාලි අගමැති මාරියෝ ඩ්‍රාගි ඉල්ලා අස් වූයේ ගෝඨාභය රාජපක්ෂගෙ වැරදි කාබනික පොහොර තීරණය නිසාය..
▶️පකිස්ථානු අගමැති ඉම්රාන් ඛාන් ඉල්ලා අස් වූයේ ගෝඨාභය රාජපක්ෂගෙ වැරදි තීන්දු තීරණ නිසාය…
▶️ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජය වූයේ ගෝඨාභයගෙ වැරදි මුල්‍ය කලමණාකරනය නිසාය…
( කොවිඩ් වසංගතය නිසා අසුනෙන් බැස යාමට සිදු වූ ප්‍රථම රාජ්‍ය නායකයා ට්‍රම්ප් ය..)
▶️ලෙබනනයෙ හසන් ඩයබ් අගමැති ධූරයෙන් ඉල්ලා අස්වූයේ ගෝඨාභයගෙ සමයෙ ඇති වූ තෙල් පෝලිං නිසාය.
▶️හෂීම් තාසී කොසෝවෝ හි ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වන්නේ ගෝඨාභය නිසා රටේ ඇති වූ ගෑස් හිඟය නිසාය..
▶️Jüri Ratas එස්තෝනියාවේ අගමැති ධුරයෙන් ඉල්ලා අස්වූයේ ගෝඨාභය විදුලිය කප්පාදු කල නිසාය.
▶️2021 දී Giuseppe Conte ඉතාලියේ අගමැති ධුරයෙන් ඉල්ලා අස්වූයේ ගෝඨාභයගෙ වැරදි දේශපාලන තීන්දු නිසාය.
▶️ජපාන අග්‍රාමාත්‍ය Yoshihide Suga 2021 සැප්තැම්බර් 3 වන දින ජපාන අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වූයෙ ගෝඨාභයට කිඹිහුමක් ගිය නිසාය.
▶️කසකස්තානයේ අගමැති අස්කාර් මාමින් සහ ඔහුගේ කැබිනට් මණ්ඩලය 2022 ජනවාරි 6 වැනිදා ඉල්ලා අස්වූයේ ගෝඨාභය ඉන්ධන මිල ඉහළ දැමූ නිසාය.
ගෝඨාභය රාජපක්ෂගෙ තීන්දු තීරණ නිසා රටේ ආර්ථිකයට යම් කිසි බලපෑමක් සිදු වූවත් ඊට ප්‍රධාන වශයෙන් බලපෑවේ කොවිඩ් වසංගතය සහ රුසියානු යුක්‍රේන යුද්ධය නිසා ඇති වූ සමස්ත ගෝලීය ආර්ථික කඩාගෙන වැටීමයි.
අප පුන පුනා කිව්වෙ මෙරට ආර්ථික අර්බුදය ගෝලීය ආර්ථික අර්බුදයේම කොටසක් බවත් අපට හුදකලාව මෙම අර්බුදයෙන් මිදිය නොහැකි බවත්ය.
මෙරට අවස්ථාවාදීන් මෙම ආර්ථික අර්බුදය සමාජීය අර්බුදයක් බවට පත් කොට දැන් එය දේශපාලන අර්බුදයක් බවට පත් කර ඇත.
දැන් කවුරුවත් මෙරට ආර්ථික අර්බුදය ගැන කතා කරන්නෙ නැත. සියල්ල උඩු යටිකුරු වී දේශපාලන අර්බුදය උඩට විත් ඇත.
ගෝඨාභය රාජපක්ෂගෙ වැරදි තීන්දු තීරණ නිසා ලෝකයෙ තවත් ප්‍රබල රාජ්‍ය නායකයින් කිහිප දෙනෙකුම ඉතාමත් නුදුරු දිනකදීම ඉල්ලා අසවීමට නියමිතව ඇත.
නිලන්ත සත්සර ගමගේ ✍️



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More