දේශීය පුවත්

රටේ මීළඟ ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා පැවැත්වෙන පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) තීරණය කර ඇති බව එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.

වැඩෙන මහජන උද්ඝෝෂණ මධ්‍යයේ මැයි මස මුලදී මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදුවීමෙන් පසු අගමැති ධූරයට පත් වූ වික්‍රමසිංහ මහතා ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු භාරකාර ජනාධිපතිවරයා ලෙස අද (ජූලි 15) දිවුරුම් දුන්නේය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලනයේ ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස මීට පෙර කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා රටේ ජනාධිපති වීමේ තරගයේ තවත් ඉදිරියෙන්ම සිටින අයෙකි.

වැඩබලන ජනාධිපති වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කළේ ලබන සතියේ පාර්ලිමේන්තුවේ නාමයෝජනා කැඳවන අවස්ථාවේ දී ජනාධිපති අපේක්ෂකත්වය සඳහා තරඟ කරන බව අලහප්පෙරුම මහතා ප්‍රකාශ කිරීමෙන් පසුවය.

පාර්ලිමේන්තුව ජූලි 20 වැනිදා නව ජනාධිපතිවරයකු තෝරා පත් කර ගන්නා අතර නාමයෝජනා කැඳවීම ලබන අඟහරුවාදා (ජූලි 19) සිදු කෙරේ. සභාවේ ඡන්ද විමසීමෙන් අනතුරුව ජූලි 20 වැනිදා ජනාධිපති ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු පත් කිරීමට නියමිතය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More