▶️මම කිව්වා ” රට 88/89 ක් කරන්න එපා ” කියලා.. උඹලා මට හිනා උනා..
▶️මම කිව්වා ” ආදරණීය අම්මේ තාත්තො ඔබේ දරුවා ආරක්ෂා කරගන්න ” කියලා.. උඹලා මට හිනා උනා..
▶️ මම කිව්වා ” මේක අන්ධයින්ගෙ, ගොළුවන්ගෙ, බිහිරන්ගෙ අරගලයක් කියලා.. උඹලා මට හිනා උනා..
▶️මම කිව්වා ” මේ අරගලය නිර්පාක්ෂික නෑ ” කියලා උඹලා මට හිනා උනා..
▶️මම කිව්වා ” මේ අරගලය පිටිපස්සේ ජවිපෙ/ පෙරටුගාමීන් ඉන්නවා ” කියලා උඹලා මට හිනා උනා…
▶️මම කිව්වා” මේක පිටුපස්සෙ පල්ලීය, ම්‍රස්ලිම් අන්තවාදින්, ඩයස්පෝරාව, NGO ඉන්නවා ” කියලා.. උඹලා මට හිනා උනා…
▶️මම කිව්වා ” මේ අරගලයෙදි නීතිඥ සංගමයෙ හැසිරීම අනුමත කරන්න බෑ ” කියලා.. උඹලා මට හිනා උනා…
▶️මම කිව්වා ” රටේ තියෙන ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් වෙලා ඉන්න අහිංසක ජනතාව උන් උන්ගෙ පටු, අවස්ථාවාදී න්‍යාය පත්‍රයන් වෙනුවෙන් පාවිච්චි කරනවා ” කියලා… උඹලා මට හිනා උනා…
මම මීට මාස කිහිපයකට කලින් ඔය ඉහත කියපු ඒවාගෙන් දැන් බොරු වෙලා තියෙන්නෙ මොනවාද..?
ඒත් මම අද උඹලාට හිනාවෙන්නෙ නෑ… මොකද උඹලාට හිනා වෙනවාට වඩා මේ රට මට වටිනවා..
අද වෙනකොට ආදරණීය අරගලය ම්ලේච්ඡත්වය කරා ගමන් කරමින් තියෙනවා…
අද මම කියනවා…
” මේ ප්‍රචන්ඩත්වය තවදුරටත් ඉදිරියට ගියොත් මේ රට ලේ විලක් වෙනවා. ඒ ව්‍යසනයෙ වගකීම ඔය පිටුපසින් ඉන්න කවුරුවත් බාර ගන්නෙත් නෑ. ගුටිකන්නෙ, මැරෙන්නෙ මේ රටේ දරුවො ”
ඒ නිසා කරුණාකරලා ඔය ප්‍රචන්ඩත්වය නවත්තපල්ලා…
නිලන්ත සත්සර ගමගේ ✍️
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුළත...
ගෝඨාගේ ඉල්ලීමට තායිලන්තය අවසර දෙයි ශ්‍රී ලංකා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තායිලන්තය වෙත පැමිණීමට අවසර ඉල්ලීමක් සිදුකර ඇති බව තා...
අනුර කුමාරගෙන් බලාපොරොත්තු වන දේ ජනපති කියයි ජාතික සර්වපාක්ෂික වැඩපිළිවෙළ සඳහා රට වෙනුවෙන් සහයෝගය ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ජනාධිප...