ප‍්‍රධාන පුවත්

මුලතිව් ඔඩ්ඩුසුඩාන් පේරාරු ප්‍රදේශයේදී ක්‌ලේමෝ බෝම්බයක්‌, පුපුරන ද්‍රව්‍ය, එල්. ටී. ටී. ඊ. ඇඳුම් ඇතුළු ද්‍රව්‍ය රැසක්‌ රැගෙන යමින් සිටි කණ්‌ඩායම මෙහෙයවා ඇත්තේ ප්‍රංශයේ සිටින කොටි සාමාජිකයකු බව ත්‍රස්‌තවාදී විමර්ශන කොට්‌ඨාසය සිදුකළ විමර්ශනවලදී හෙළිකර ගෙන ඇත.

මෙම පුපුරන ද්‍රව්‍ය රැගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගත් සාමාජිකයන් තිදෙනා හිටපු කොටි සාමාජිකයන් බව හෙළිකර ගෙන තිබේ. ඊයේ (24 දා) වන විට මෙම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම අවි ආයුධ තොගය ගොඩගෙන ඇත්තේ වවුනියාව උළුවන්කුලම ප්‍රදේශයේ වළදමා තිබියදී බවත් මේ සමග ගොඩගත් තවත් ආයුධ තොගයක්‌ මුතූර් ප්‍රදේශයේ කොටි ත්‍රස්‌තයන් සඟවා සිටින බවත් හෙළිකර ගෙන තිබේ. එම ආයුධ අතර ගිනිඅවි, සැහැල්ලු ගිනිඅවි තිබෙන බවත් හෙළිකරගෙන තිබේ. පොලිසියට හමුවූ මෙම අවි තොගයද වෙනත් ප්‍රදේශයකට ප්‍රවාහනය කරමින් තිබියදී අසුවී තිබෙන බව ත්‍රස්‌තවාදී විමර්ශන ඒකකයේ නියෝජ්‍ය පොලිස්‌පති නාලක සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක නිලධාරී කණ්‌ඩායම හඳුනාගෙන ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More