දේශීය පුවත්

පාර්ලිමේන්තුව කැඳවා ක්‍රමවත් පාලනයක් ඇති කරන ලෙස ත්‍රෛනිකායික මහ නාහිමිවරු අද සියලු පක්ෂ නායකයන්ගෙන් ඉල්ලා සිටිති.

ඊයේ (13) ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් විරෝධතාකරුවන්ගෙන් ඉල්ලා සිටියේ පොදු දේපළවලට හානි කිරීමෙන් වළකින ලෙසත් නීතියේ ආධිපත්‍යයට ගරු කරමින් සාමකාමී විරෝධතාවල නිරත වන ලෙසත්ය.

උද්ඝෝෂණවල යෙදෙන ජනතාව බුද්ධිමත්ව වගකීමෙන් කටයුතු කළ යුතු බව ත්‍රෛනිකායික මහ නාහිමිවරු පවසති.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යූහයක් තුළ කටයුතු කරන අතරවාරයේදී සියලූ දේශපාලන පක්ෂ නායකයින් ජනතා අපේක්ෂාවන් කෙරෙහි අවධානය යොමු කළ යුතු බවත් ජාත්‍යන්තර වශයෙන් රටේ ප‍්‍රතිරූපයට හානියක් නොවන අයුරින් ක‍්‍රමානුකූල පාලනයක් ගොඩනැගීමට පාර්ලිමේන්තුව කැඳවිය යුතු බවත් මහ නාහිමිවරු පැවසූහ.

ඒකාබද්ධ ප්‍රකාශයට අස්සන් කර ඇත්තේ මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක හිමිපාණන් වහන්සේ, සියමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක ආචාර්ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී ඤාණරතාභිධාන මහානායක හිමිමි, අමරපුර මහා නිකායේ උත්තරීතර මහනායක දොඩම්පහල චන්ද්‍රසිරි මහා නායක හිමි සහ රාමඤ්ඤ මහා නිකායේ මහා නායක මකුලෑවේ විමලාභිදානහිමි යන ස්වාමීන්ද්‍රයන් වහන්සේලා විසිනි.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More