විරෝධතාවයේ නිරත වන පිරිස විසින් මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලය අල්ලා ගැනීම සම්බන්ධයෙන් තමන් දැඩි ලෙස කැළඹීමට පත්වන බවත් එම පරිශ්‍රය වහාම බලධාරීන් වෙත ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් ශ්‍රී ලංකා නීතීඥ සංගමය (BASL) පවසයි.
” ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් සාමකාමී විරෝධතාවල අයිතිවාසිකම් අඛණ්ඩව තහවුරු කරන අතර, සංගමය ව්‍යවස්ථා විරෝධී වන අවනීතිය හෝ අරාජික තත්ත්වයකට සහාය නොදක්වයි.”
අද (13) නිවේදනයක් නිකුත් කරමින් නීතීඥ සංගමය කියා සිටියේ රජයේ කාර්යාල අල්ලාගෙන විනාශ කිරීමට හෝ දේපළවලට හානි කිරීමට උත්සාහ කිරීම සාමකාමී විරෝධතාවක් නොවන බවයි.
කථානායකතුමා, අගමැතිතුමා ඇතුළු පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂ නායකයින් සහ පුරවැසියන් ජාතිය මුහුණ දී තිබෙන දුෂ්කර තත්ත්වය අවබෝධ කරගෙන උපරිම වගකීමෙන් සහ පරිත්‍යාගශීලී හැඟීමෙන් කටයුතු කිරීම මේ අවස්ථාවේ අවශ්‍ය බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසයි.
එමෙන්ම සද්භාවයෙන් කටයුතු කර නීතියේ ආධිපත්‍යය බිඳවැටීමට හේතු විය හැකි තත්ත්වයන් නිර්මාණය වීම වැලැක්වීම ඔවුන්ගේ වගකීමක් බවද එම සංගමය පවසයි.
මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා නීතීඥ සංගමය (BASL) ශ්‍රී ලංකාවාසී ජනතාවගෙන්, විශේෂයෙන්ම විරෝධතාවල යෙදී සිටින ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සන්සුන්ව සිටින ලෙසත්, මේ රටේ දේශපාලන නායකයින් පොරොන්දු වී ඇති සාමකාමී බල සංක්‍රමණය සඳහා ඉඩ ලබා දෙන ලෙසත්ය.
එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.
“ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කථානායකවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට දන්වා ඇති පරිදි 13 වැනිදා (අද) ඔහුගේ ඉල්ලා අස්වීම පිළිබඳ නිවේදනයක් නිකුත් කරනවා යැයි පැවසීම ශ්‍රී ලංකාවේ ජනතාව තුළ ඇති වූ නීත්‍යානුකූල අපේක්ෂාව විය. ජනාධිපතිවරයා රටින් පිටව යන බවට වාර්තා පළවෙමින් තිබියදී ඉල්ලා අස්වීමේ ලිපිය හෝ එය අපේක්ෂා කළ හැකි නිශ්චිත වේලාව පවා ජනතාවට දැනුම් දුන්නේ නැත.
මේ අතර, මහජන ආරක්ෂක ආඥාපනත යටතේ, පැන නගින තත්වයන් පිළිබඳව සැලකිල්ලට ගෙන හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම සහ බස්නාහිර පළාතට ඇඳිරි නීතිය පැනවීම පිළිබඳ වාර්තා පළ වූ අතර, ඒවා ‘පැනවීමේ අරමුණ’ සාමය ආරක්ෂා කිරීම බව පසුව පැහැදිලි විය.
මෙම වාර්තාවලින් පසුව කථානායකවරයා ප්‍රකාශ කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රට හැර ගොස් ඇති බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 37(1) වගන්තිය යටතේ වැඩබලන ජනාධිපතිවරයා ලෙස අග්‍රාමාත්‍යවරයා පත් කළ බවයි. මෙම විවිධ සන්නිවේදනයන් මහජනතාව අතර ව්‍යාකූලත්වය සහ අවිනිශ්චිතභාවය නැගී ඒමට හේතු වී ඇත.
ඕනෑම පෞද්ගලික හෝ පොදු දේපළකට එරෙහිව සිදුවන ඕනෑම ප්‍රචණ්ඩ ක්‍රියාවක් හෝ විනාශයක් ජනතාවට දුන් පොරොන්දුවලට පිටුපැම නිදහසට කරුණක් ලෙස භාවිත කළ හැකිය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අනුප්‍රාප්තිකයෙකු තෝරා ගැනීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට පක්ෂ නායකයින් ක්‍රියා කළ යුතු අතර ජනතාවට ලබා දී ඇති පොරොන්දු වලට පිටුපෑමට සිදුවන ඕනෑම ක්‍රියාවක් ජනතාවගේ බරපතල විශ්වාසය කඩ කිරීමක් වනු ඇත.
දේශපාලන නායකයන් ජනතාවගේ කලකිරීම මෙවැනි තීන්දු තීරණ ගැනීම පසුබට වීම තුළ උත්සන්න වන බව දැඩිව ධාරණය කරගත යුතුය.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...