ෆීල්ඩ් මාෂල් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ, අනීතිකව ජනාධිපති ධූරයේ බලතල අත්පත් කරගෙන වැඩබලන ජනාධිපති ලෙස තමන් විසින් ම තමා හදුන්වා ගනු ලබමින් රනිල් වික්‍රමසිංහ ලබා දෙන අනීතික ව්‍යවස්ථා විරෝධී නියෝග පිළිපැදීමෙන් වලකින ලෙස ත්‍රිවිධ හමුදාවෙන් ඉල්ලා සිටී.
එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ, වෙඩි තැබීමේ නියෝග නිකුත් කළ බවට මේ වන විට ජනතාව තුළ රාවයක් පැතිර යමින් පවතින අතරම ත්‍රිවිධ හමුදාව සහ රටේ සාමාන්‍ය නිරායුධ සිවිල් පුරවැසියන් අතර ගැටුමක් නිර්මානය වීමේ බරපතළ අවධානමක් මතු වෙමින් තිබෙන බව ය. ඒ අනුව කිසි ලෙසකින්වත් නීතිගරුක විනයගරුක හමුදාවක් ලෙස සාමාන්‍ය සිවිල් නිරායුධ වැසියන් ඉලක්ක කර වෙඩි තැබීමෙන් වළකින ලෙස ත් හමුදා සෙබළුන්ගේ අවි දූෂිත දේශපාලකයින්ට එරෙහි ඔසවන ලෙසත් යළි යළිත් අවධාරණය කරන බව ඔහු සඳහන් කරයි.
මේ අතර අද සවස කතානායකවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවති පක්‍ෂ නායක හමුවේදී ජනාධිපති ධුරයෙන් ගෝටාභය රාජපක්‍ෂ මහතා ඉවත්වීමට පෙර රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත්විය යුතු බව සියළු පක්ෂ නායකයින් තිරණය කර ඇති බවද වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...