ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රකාශකයෙකු මාධ්‍යය වෙත අදහස් දක්වමින්, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ මහතාට ගාලු මුවදොර අරගල භූමියේදී ප්‍රහාරයක් එල්ල වී ඇතැයි පැවසුවේය. එහෙත් ප්‍රහාරය හේතුවෙන් ඒ මහතාට හානියක් සිදු නොවූ බව පැවසූ එම ප්‍රකාශකයා සමරසිංහ මහතා ඉක්මනින්ම එම ස්ථානයෙන් ඉවත්ව ගිය බවද පැවසුවේය.ගාලු මුවදොර අරගල භූමියේ පැවති හමුවක් ආමන්ත්‍රණය කරමින් සිටියදී පිරිසක් සමඟ ඇතිවූ බහින්බස් වීමක් දුර දිග යාමෙන් එම පිරිස ඔහුට මෙලෙස පහර දුන් බවද අරගල භූමියෙන් ලැබෙන වාර්තා පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...