ජනාධිපතිගේ ඉල්ලා අස්වීම ප්‍රකාශ වීමට පෙර පාර්ලිමේන්තුව තුළ වැඩ බලන ජනාධිපතිවරයෙක් පත් කිරීම ව්‍යයවස්ථා විරෝධී බව දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය පවසා සිටියි. කථානායකවරයා වෙත ලිපියක් යවමින් ඒ බව සඳහන් කරන වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා තවදුරටත් සඳහන් කරන්නේ එය පළමුව කළ යුතු දේ වෙනුවට දෙවනුව කළ යුතු දේ පළමුව කරන්නට උත්සහා කිරීමක් බවයි.
පාර්ලිමේන්තුවට තිබෙන ව්‍යයවස්ථාමය බලය අනුව පළමුව කළ යුත්තේ නව අගමැතිවරයෙකු පත් කිරීම බවත් ඊට ඉඩ සැලසීමෙන් වත්මන් අගමැති ඉල්ලා අස්නොවන්නේ නම් ඔහුට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමේ හැකියාව ඇති බවත් ඔහු සඳහන් කරයි.
විශේෂයෙන්ම වත්මන් අගමැතිවරයාට ජනවරමක් ලැබී නොමැති බැවින් සහ පාර්ලිමේන්තුවේ බහුතර කැමත්ත විමසීමකින් තොරව ඔහු පත්කර ඇති බැවින් සහ මාස දෙකකට අධික කාලයක් අර්බූදය විසඳීම සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට ඔහු අපොහොසත් වීම නිසා ඔහුට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒම සාධාරණ බව ලංකා ලීඩ් වෙත අදහස් දැක්වූ වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
පාර්ලිමේන්තුව විසින් එසේ නව අගමැතිවරයෙකු වහාම පත්කර ගැනීම මගින් ජනපතිගේ ඉල්ලා අස්වීම සමඟ නව අගමැතිවරයා වැඩ බලන ජනපති බවට පත්කිරීමට තත්වය නිර්මාණය නොකිරීම නිසා පවතින අස්ථාවරභාවය වර්ධනය විය හැකි බවද වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා පෙන්වා දෙයි.
කතානායකවරයාට යවන ලද සම්පූර්ණ ලිපිය…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...