දේශීය පුවත්

පසුගිය දා හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් සිටියදී එක්තරා පුද්ගලයෙකු ඔහුට අසභ්‍ය වචනයෙන් බැන වැදී  පහරදීමට තැත් කළේය.

ඒ සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී විමල් වීරවංශ මහතා මෙසේ හෙළි කළේය.

” ඒ් පුද්ගලයා මිරිහානේ පදිංචි අයෙක්. ඔහුට ඒ් කොන්ත්‍රාත් එක දීලා තියෙන්නේ එක්තරා රූපවාහිනී ආයතනයකින්. ඒ් රූපවාහිනී ආයතනයේ ප්‍රවෘත්ති මැදිරියේ කට්ටිය ඉතා උනන්දුවෙන් බලාගෙන ඉදලා තියෙනවා මේ රූපරාමු ලැබෙනකම්. ඒ නාලිකාවේ කැමරා ශිල්පියා තමයි මේකට පූර්ව සූදානමක් ඇතිව ඇවිල්ලා තියෙන්නේ. අනිත් අය මේ ගැන දන්නේ නැති නිසා ඒ අයට මේක නිසි පරිදි කැමරාවට ග්‍රහණය කර ගන්න බැරි වුණා. ඒක අර රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ගේ ගිනිතියන්න උසි ගැන්වූ ආකාරයේම ක්‍රියාවක්. ඒ නාලිකාව හදනවා කෘතිමව පෙන්වන්න අපිට දැන් මහජනතාව ලගට යන්න බැහැ කියලා. ඒ නාලිකාව ගොඩක් කල් ඉදලා මම ගැන ඒහෙම හිතාගෙන ඉදලා තියෙනවා. ගහන්න පුළුවන් උපරිමයෙන් ගහලත් තියෙනවා. ඒත් අපි තාම මේ රටේ දේශපාලනයේ ඉන්නනවා. ඒ අයට ඔ්න විදියට අපේ දේශපාලනය තීරණය කරන්න බෑහැ”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More