රටින් පිටව ගිය ගෝඨාභය රාජපක්ෂ මහතා අද (13 දා) ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වුවහොත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ව්‍යවස්ථානුකූලව නිල බලයෙන් වැඩබලන ජනාධිපති ලෙස පත්වීමට නියමිත බව ව්‍යවස්ථා විශේෂඥයෝ පෙන්වා දෙති.
එහෙත් සමහර නීතිවේදීන්ගේ මතයට අනුව එළැඹෙන 20 වැනිදා පාර්ලිමේන්තුවේදී නව ජනපතිවරයා තෝරා පත් කරගන්නා තෙක් ඉතා සීමිත කාලසීමාවක් සඳහා රනිල් වික්‍රමසිංහ මහතා ජනපති ලෙස කටයුතු කරනු ඇති බවයි. ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයාද ඉවත් වුවහොත් ජනාධිපති ධුරයට ව්‍යවස්ථානුකූලව කථානායකවරයා ව්‍යවස්ථානුකූලව පවත්වනු ඇත.
කෙසේ වුවද ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමට පෙර පාර්ලිමේන්තුවේ බහුතරයකගේ අත්සනින් යුතුව අග්‍රාමාත්‍යයවරයා ඉවත් කරන ලෙස කතානායකවරයාට ලිඛිතව දැනුම් දීම නොකළහොත් ව්‍යයවස්ථානුකූලවම ජනාධිපතිවරයා බවට පත්වන්නේ අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ මහතාය. එසේ ඔහු ජනාධිපතිවරයා බවට පත්වුවහොත් ඔහුට සහය දීමට සජබය, පොදු ජනපෙරමුණ ඇතුලු පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු සැලකිය යුතු පිරිසක් සැදී පැහැදී සිටින බවද පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...