ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා සිටින්නේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ බැසිල් රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකාවෙන් පිටවීම සඳහා ඉන්දීයාව සහාය හා පහසුකම් දැක්වූ බවට පළ වන වාර්තා අසත්‍ය බවයි.
එසේම ඉන්දියාව අඛණ්ඩව ශ්‍රී ලංකාවේ ජනතාවට සහයෝගය දක්වන බව නැවත නැවතත් ප්‍රකාශ කරන බවද එම ට්විටර් පණිවිඩය මගින් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.
ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවෙන් පිටව ගිය බවට අදාළව, ඉන්දියාව ඊට සහාය දැක්වූයේ යැයි පළ වන වාර්තා අසත්‍ය බවද එම ට්විටර් පණිවුඩයේ සඳහන් වේ.
“ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද සහ වටිනාකම්, ස්ථාපිත ආයතන සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල රාමුවක් තුළින් සෞභාග්‍යය සහ ප්‍රගතිය සඳහා වන සිය අභිලාෂ ඉටු කරගැනීමට බලාපොරොත්තු වන ශ්‍රී ලංකාවේ ජනතාවට ඉන්දියාවේ අඛණ්ඩ සහාය හිමි වනවා.” යනුවෙන් එම ට්විටර් පණිවිඩය තවදුරටත් පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...