ශ්‍රී ලංකාව අද මුහුණ දෙන ඩොලර් අර්බුදය උග්‍රවීම සම්බන්ධයෙන් ජාතික පුවත් පතකට ලිපියක් සපයන ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා,
“ඒ ආකාරයට 2017 විදේශ විනිමය පනත මගින් විදේශ විනිමය පාලනය ඉතා බරපතළ ලෙස දුර්වල කිරීමේ ප්‍රතිවිපාක අද රටේ මහජනයා භුක්ති විදිමින් සිටිති. අපනයන ආදායම් රට තුළට බැංකු පද්ධතිය හරහා ප්‍රේෂණය කිරීමේ ක්‍රියාවලිය නිසි පරිදි පාලනය කිරීම සිදුනොවන බැවින් විවෘත ගිණුම් මගින් එම ආදායම් අවභාවිතා කිරීමට හැකියාව ලැබී ඇත. පසුගිය මාස 6ක කාලය තුළ අපනයන ආදායම් දළ වශයෙන් 10% කින් පමණ ඉහළ ගොස් ඇති තත්ත්වයක් යටතේ පවා අදාළ විදේශ විනිමය ආදායම් රට තුළට ගලා ඒම සිදු නොවන්නේ ඒ නිසාය. ඊට අමතරව බැංකු පද්ධතියට තරගකාරීව කළු වෙළෙඳපොළ මහා පරිමාණයෙන් පුළුල් කිරීමට ජාවාරම්කාරයන්ට හැකි වී ඇත්තේ නව පනත නිසා මහ බැංකුවට අසරණව ඒ දෙස බලා සිටීමට සිදු වී ඇති නිසාය. පනත යටතේ පනවා ඇති සීමාවන් පවා උල්ලංඝනය කිරීමේදී එම වැරදි වලට පනත යටතේ අපරාධ නඩු පැවරිය නොහැකි බැවින් ජාවාරම්කරුවන් දිරිමත් වන අතර ඔවුන්ට නිරුපද්‍රිතව කළු වෙළද පොළ හරහා අසීමිතව ලාභ ඉපයීමට හැකියාව ලැබී ඇත.” යනුවෙන් අවධාරණය කරයි.
සම්පූර්ණ ලිපිය…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...