ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුදා ජෙට් යානයකින් රටින් පලා ගොස් ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කළේය. ඔවුනට අනුව ජනාධිපතිවරයා මාල දිවයිනේ මාලේ අගනුවර වෙත එරට වේලාවෙන් පෙරවරු 03:00 ට පමණ ගොඩ බැස ඇතැයි කියවේ.
ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ බැසිල් රාජපක්ෂ මහතාද රට අතහැර ගොස් ඇති බව පවසන බීබීසී පුවත් සේවය බැසිල් රාජපක්ෂ මහතා මේ වන විට අමෙරිකාව බලා ගොස් ඇති බවද පැවසේ.
ජනාධිපතිවරයාගේ නික්ම යාම පිළිබඳ පුවත සැලවීමත් සමඟම, කොළඹ නගරයේ ප්‍රධාන විරෝධතා ස්ථානය වන ගාලු මුවදොර පිටියේ විරෝධතාකරුවන් අතර ඝෝෂාකාරී සැමරුම් ඇති වූ බවද බීබීසී ය පවසයි.
ජනාධිපතිවරයා නික්ම යාමෙන් ඇතිවන බල රික්තය පිරවීම සඳහා පාර්ලිමේන්තුවේ කථානායකවරයා භාරකාර ජනාධිපතිවරයා ලෙස මීළඟට පියවර ගැනීමට ඉඩ ඇති බව ව්‍යවස්ථා විශේෂඥයෝ පවසන බව පෙන්වා දෙන එම පුවත් සේවය මහින්ද යාපා අබේවර්ධන මහතා රාජපක්ෂලාගේ හිතවතෙකු හෙයින් , ඔහුගේ අධිකාරිය මහජනතාව පිළිගනීද යන්න සැක සහිත බවද පවසයි.
වැඩබලන ජනාධිපති ධූරයට පත්වන ඕනෑම අයෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරින් නව ජනාධිපතිවරයෙකු සඳහා මැතිවරණයක් පැවැත්වීමට දින 30ක කාලයක් තිබෙන බව පවසන බීබීසී ය එම ඡන්දයෙන් තීරී පත්වන පුද්ගලයා 2024 අගභාගය වනතුරු රාජපක්ෂ මහතාගේ ධූර කාලයෙහි ඉතිරි කාලය ධූරය දරණු ඇති බවද පවසයි.
පසුගිය සඳුදා ප්‍රධාන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තමන් ජනාධිපති ධුරය දැරීමට කටයුතු කරන බව පැවසූ බව අනාවරණය කරන එම පුවත් සේවය ඔහුට මහජන සහයෝගය ද නොමැති බවත් පොදුවේ දේශපාලනඥයන් පිළිබඳ ගැඹුරු මහජන සැකයක් පවතින බවත් පවසයි.
බීබීසීයට අනුව ශ්‍රී ලංකාව වෙනසක අද්දරට ගෙනආ විරෝධතා ව්‍යාපාරයට ද රටේ නායකත්වය සඳහා පැහැදිලි තරගකරුවෙකු නොමැත.
බීබීසී පුවත් සේවයේ මෙම පුවත් වාර්තාව සම්බන්ධයෙන් විග්‍රහයක යෙදෙන දේශපාලන විත්ති විචාරකයෙකු පැවසුවේ, බීබීසීය එම පුවත තුල කරන විග්‍රහය අනුව පාර්ලිමේන්තුවෙන් පිටත අරගලකරුවන්ගෙන් පරිබාහිර USAID වැනි ආයතනයක සෘජු මෙහෙයවීම යටතේ සිටින ඉහළපෙලේ නීතිඥයෙකු ජනාධිපති තනතුරේ වාඩිකරවීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි. එහි මූලික ප්‍රචාරක අඩිතාලම බීබීසී ආයතනය තබමින් සිටින බවද දේශපාලන විචාරකයා අප වෙත අවධාරණය කළේය .
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...