ජනතා විමුක්ති පෙරමුණ සමග පැවති සාකච්ඡාවක් අවසානයේදී මාධ්‍යට අදහස් දක්වමින් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසා සිටියේ, අරගලකරුවන් 225ම එපා යැයි පවසන්නේ නම් කළ යුත්තේ ඔවුන්ට මැතිවරණයට ඉදිරිපත් වීම පමණයි යයි පැවසුවේය.
“අරගලයේ ඉන්නේ මමත්ව ජනතාවක්නේ. අපි, අපියි කියලා කණ්ඩායම් ඉදිරිපත් වුණාට ඒ ඇත්තන්ටත් කරන්න තියෙන්නේ ඊළඟ මැතිවරණයේදී මැතිවරණයට ඉදිරිපත් වෙලා තමන්ගේ හිතේ තියෙන මේ පරමාදර්ශී අදහස් ඉටු කරගන්න ජනතාවගෙන් වරමක් ඉල්ලන එක. එහෙම නැතුව පිටතින් බලය පිහිටුවන එක සම්පූර්ණයෙන් ප්‍රජාතන්ත්‍ර විරෝධීයි.මේ රට හුදකලා රටක් නෙවෙයිනේ. මේ රට ලෝකයේ පිළිගත්ත සම්ප්‍රදායකට අනුවනේ ගමන් කරමින් තියෙන්නේ. ඉතින් අරගලයේ අයට පුළුවන් ඊළඟ මැතිවරණය ආවහම ඔය 225ම එපා කියලා, වෙන හොඳ 225 ක් පත්කරගෙන කරගෙන යන්න. අපි ඒකට විරුද්ධ නැහැ. නැත්නම් ඉතින් ඔවුන් මැතිවරණ වලට ඉදිරිපත් විය යුතුයි. අරගලයේ අයට කරන්න තියෙන හොඳම දේ ඊළඟ මැතිවරණයට තමන් කරන්න යන වැඩපිළිවෙල ඉදිරිපත් කරලා ජනතාවගෙන් වරමක් ගන්න එක.”යැයි මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...