හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (12) අලුයම විදෙස් රටකට යෑම සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බව වාර්තා වෙයි.
කෙසේවෙතත් එම අවස්ථාවේ ඔහුට දැඩි විරෝධයක් එල්ල වීම නිසා ගුවන් තොටුපොළෙන් යළි හැරී යාමට සිදුවූ බව “අද දෙරණ” වාර්තාකරු පැවසුවේය.
මේ අතර කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තුළ මුදල් ගෙවා ප්‍රභූවරුන් සිය ගුවන් ගමන් පහසුකම සලසා ගන්නා සේද මාවත මගී නිෂ්කාශන පර්යන්තයේ රාජකාරී කටයුතුවලින් ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් ඉවත් වී තිබේ.
ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සංගමයේ සභාපති කේ.ඒ.ඒ.එස් කණුගල මහතා සඳහන් කළේ, සිය නිලධාරීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවක් මත එම තීරණය ගෙන ඇති බවය.
ඊයේ (11) මධ්‍යම රාත්‍රීයේ සිට නැවත දැනුම් දෙන තුරු අදාළ රාජකාරී කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර ඇති බව කේ.ඒ.ඒ.එස් කණුගල මහතා සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...