ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමෙන් පසු පාර්ලිමේන්තුව ජූලි 15 (සිකුරාදා) කැඳවීමට පක්ෂ නායකයින් තීරණය කර ඇතැයි වාර්තා වේ.
ජනාධිපති ධූරය සඳහා නාම යෝජනා භාර ගැනීම ජූලි 18 (සඳුදා) බවත්, ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම ජූලි 20 වැනිදා බවත් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා මාධ්‍යය වෙත පැවසුවේය.
ඊයේ (11) සවස පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් අමතමින් ඔහු කියා සිටියේ ජනාධිපතිවරයෙකු ඉල්ලා අස්වීමෙන් පසු දින 3ක් ඇතුළත පාර්ලිමේන්තුව කැඳවා දැනුම් දිය යුතු බවයි.
ඒ අනුව සිකුරාදා (ජූලි 15) පාර්ලිමේන්තුව කැඳවා එම ඉල්ලා අස්වීම නිල වශයෙන් සභාවට දන්වා මැතිවරණයක් පැවැත්වීමට පෙර එම තනතුර සඳහා නාමයෝජනා ප්‍රකාශයට පත් කිරීමට පක්ෂ නායකයින් තීරණය කළ බව ඔහු පැවසීය.
වත්මන් ජනාධිපතිවරයා ලබන 13 වැනිදා ඉල්ලා අස්වීමෙන් පසු ලබන සඳුදා ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීමට දින නියම කර තිබූ බවත්, නාමයෝජනා භාරගෙන දින දෙකක් ඇතුළත ඡන්දය ප්‍රකාශ කළ යුතු බවත් හෙතෙම සඳහන් කළේය.
මැතිවරණය ලබන බදාදා (ජූලි 20) වන විට පැවැත්වීමට තීරණය කළ බව ඔහු පැවසීය. “ඒ අනුව 20 වැනිදා පාර්ලිමේන්තුවේදී මේ රටට නව ජනාධිපතිවරයකු පත් කිරීමට දින නියම කරනු ලැබීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...