දේශීය පුවත්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් මහතා “ටෘත් විත් චමුදිත” අන්තර්ජාල නාලිකාව සමඟ එක්වෙනින් පවසා සිටියේ නව ජනාධිපතිවරයා ලෙස කවුරුන් පත්වුවද ඔහු අරගලයේ අභිලාෂයන් සමග සම්මුතිගත විය යුතු බවයි.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මේ වන විට රාජපක්‍ෂ පාලනයට තිබූ ජන වරම අහෝසි වී ඇති බවත් දැන් රට තුළ පාර්ලිමේන්තුවෙන් පිටත මහජන බලයක් නිර්මාණය වී තිබෙන බවත් එනිසා එම මහජන බලය නොතකා කිසිවකුට දේශපාලන තීන්දු ගත නොහැකිවනු ඇති බවයි.

“රාජපක්ෂ ආණ්ඩුව නියෝජනය කල කිසිවෙකු ජනාධිපතිකමට සුදුසු නැහැ.මෙරට වාමාංශිකයන් බහුතරයක් මෙන්ම තමන්ද පවතින ව්‍යවස්ථාව පිළි ගන්නේ නැහැ. එනිසා සැමට පිළිගත හැකි ව්‍යවස්ථාවක් ඉක්මනින්ම සම්පාදනය කිරීමට කටයුතු කළ යුතුයි.”

එහිදී ප‍්‍රජාතන්ත‍්‍රවාදයට වඩා පිළිගන්නේ සන්නද්ද අරගලයදැයි දැයි චමුදිත මහතා කළ විමසීමට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ තමන් පිළිගන්නෙ අරගලය බවයි.

“අරගලය මෙහෙයවන්න පෙරටුගාමීන් හිටියා. නමුත් අගමැතිවරයාගේ නිවස ගිනි තැබීම කුමන්ත්‍රණයක්. ඊට අරගලකරුවන් සම්බන්ධ නැහැ.”

එහිදී ජනාධිපතිවරයාගේ ඉවත් වීම සම්බන්ධයෙන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්,ජනාධිපති ඉවත් වන බව පවසා ඇතත් ඒ ගැන විශ්වාස නැතැයිද පවසන කුමාර් ගුණරත්නම් මහතා ඔහු ඉවත් නොවුනොත් ජනතාව මීට වඩා ප‍්‍රතිචාර දක්වනු ඇතැයිද අවධාරණය කළේය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More