ඉන්දීය භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක සුබ්‍රමනියන් ස්වාමි මහතා ඊයේ(10) ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ යන දෙදෙනාම බහුතර ජනතා ඡන්දයකින් බලයට පත්වූවන් බවයි. ඔවුන්ගේ නීත්‍යානුකූල ආණ්ඩුව මැර කණ්ඩායම් එක්ව පලවා හැරීම ඉන්දියාව නොඉවසිය යුතු බව ඔහු සිය ට්විටර් පණිවිඩයෙන් පවසා සිටී. මැර කණ්ඩායම් වල උත්සහාය සාර්ථක වුවහොත් අපේ අසල්වැසි ප්‍රජාතන්ත්‍රවාදී රටවල් අනාරක්ෂිත බව ඔහු තම ට්විටර් පණිවිඩයෙන් වැඩිදුරටත් පෙන්වා දෙයි. යම් හෙයකින් රාජපක්ෂවරුන්ට ඉන්දියාවේ හමුදා සහය අවශ්‍යය වුවහොත් එම සහය ලබාදීමට ඉන්දියාව සූදානමින් සිටිය යුතු බවද ඔහු පෙන්වා දෙයි.
සුබ්‍රමනියම් ස්වාමි මහතාගේ ප්‍රකාශය සම්බන්ධව අප වෙත අදහස් දැක්වූ දේශපාලන විචාරකයෙකු, “සුබ්‍රමනියම් ස්වාමිගේ ප්‍රකාශය ගැඹුරින් සලකා බැලිය යුතුයි. ඔහු පවසන්නේ සත්‍යයක් එනම් බහුතර බලයක් සහිතව පත්වූ රාජපක්ෂවරුන්ගේ ආණ්ඩුව පෙරලා දැමීමට කටයුතු කරන්නේ මැර කණ්ඩායම් . නමුත් එම සත්‍යය තුළ ඔහු සඟවන දෙයක් තිබෙනවා. එනම් ඔහු ඉන්දියානු හමුදාව එවන ලෙස ඉන්දීය රජයට යෝජනා කරන්නේ සද්භාවයෙන් නොවෙයි. මැර කණ්ඩායම් උඩින් මෙහෙයවන්නේ ඉන්දු අමෙරිකානු ඔත්තු සේවා බව ඉතා පැහැදිලියි.අපේ රටේ ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට මේ මැර කල්ලි ඉඩ නොදෙන බව ඔහු හොඳාකාරවම දන්නවා. ඒ අනුව සිදුවන දේ ඔහු දන්නවා. ඒ අනුව ආරම්භ වී ඇති අරාජිකත්වය දඩමීමා කරගෙන ඉදිරියේදී සාම සාධක හමුදාවක් බැස්සවීමේ උපායයි ඔහු කල්තියා මේ ප්‍රකාශ කරන්නේ.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...