දශක කිහිපයක් තිස්සේ ශ්‍රී ලංකාවේ පවතින දරුණුතම ආර්ථික හා දේශපාලන අර්බුදය සාමකාමී, ප්‍රජාතන්ත්‍රවාදී සහ ක්‍රමවත් සංක්‍රාන්තියක් සාක්ෂාත් කර ගැනීම සඳහා සහයෝගයෙන්, අවධානය යොමු කර ඉක්මනින් ක්‍රියා කරන ලෙස යුරෝපා සංගමය (EU) සහ එක්සත් ජනපදය ඉරිදා ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ වලින් සහෝදරත්වයෙන් ඉල්ලා සිටියි.
අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙකු වොෂින්ටනයේදී පැවසුවේ, පැමිණ තිබෙන මෙම සන්ධිස්ථානයේදී එක් දේශපාලන පක්ෂයක නොව ජාතියේ අභිවෘද්ධිය සඳහා කැපවීමෙන් කටයුතු කරන ලෙස එක්සත් ජනපදය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටින බව පවසයි.
“දිගුකාලීන ආර්ථික ස්ථාවරත්වයක් අත්කර ගැනීමට සහ විදුලිය, ආහාර සහ ඉන්ධන හිඟය ඇතුළු නරක අතට හැරෙන ආර්ථික තත්ත්වයන් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකීය ජනතාවගේ අතෘප්තියට පිළියම් යෙදිය හැකි විසඳුම් හඳුනාගෙන ක්‍රියාත්මක කිරීමට කඩිනමින් කටයුතු කරන ලෙස අපි මෙම රජයෙන් හෝ ඕනෑම නව, ව්‍යවස්ථාපිත රජයකින් ඉල්ලා සිටිමු”, ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය. එලෙසම එම ප්‍රකාශකයා, විරෝධතාකරුවන්ට හෝ මාධ්‍යවේදීන්ට පහර දීමට එරෙහිව අනතුරු ඇඟවූ නමුත් සෙනසුරාදා දිනයේ සිදු කළ ප්‍රචණ්ඩත්වය ද විවේචනය කළේය.
“ශ්‍රී ලාංකීය ජනතාවට සාමකාමීව හඬ නැගීමට අයිතියක් ඇති අතර, විරෝධතාවයට සම්බන්ධ ඕනෑම ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලට සම්බන්ධ ඕනෑම අයෙකු සම්බන්ධව සම්පූර්ණ විමර්ශනයක් කර අත්අඩංගුවට ගැනීම සහ නඩු පැවරීමට කටයුතු කරන ලෙස අපි ඉල්ලා සිටිමු”,එක්සත් ජනපද ප්‍රකාශකයා අවධාරණය කලේය. බ්‍රසල්ස් නුවරදී යුරෝපා සංගමය ප්‍රකාශයක් නිකුත් කරමින්, ශ්‍රී ලංකාවේ වර්ධනය වෙමින් පවතින තත්ත්වය සමීපව නිරීක්ෂණය කරන බව අවධාරණය කළේය.
“අපි ශ්‍රී ලංකාවේ වර්ධනයන් සමීපව නිරීක්ෂණය කරමින් සිටින අතර, සාමකාමී, ප්‍රජාතන්ත්‍රවාදී සහ ක්‍රමවත් සංක්‍රාන්තියක් සඳහා සහයෝගයෙන් සහ අවධානය යොමු කරන ලෙස සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටිමු” යනුවෙන් යුරෝපා සංගමය නිකුත් කළ නිවේදනයක දැක්වේ. පවතින අර්බුදකාරී තත්ත්වයට විසඳුමකට මග පාදා නැවත යථා තත්ත්වයට පත් කිරීම සියලු පක්ෂ නායකයින්ගේ වගකීමක් බවද එහි සඳහන් වේ.
මේ අතර, ශ්‍රී ලංකාවේ ජනතාව වෙත ලබාදෙන සහයෝගය තවදුරටත් ඉහළ නැංවීම සඳහා පවතින විකල්ප තක්සේරු කරමින් සිටින බව යුරෝපා සංගමය පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...