කොල්ලුපිටිය 5 වන පටුමගේ පිහිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමට කටයුතු කළ පිරිස අතර සිටි පුද්ගලයින් තිදෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.
අත්අඩංගුවට ගත් පිරිස අතර ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙකු වන අතර අනෙක් සැකකරුවන් දෙදෙනා කඩවත සහ ගාල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් වන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
සිද්ධියට සම්බන්ධ අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම පිණිස පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටින බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
පොලිසිය පවසන ආකාරයට ඊයේ (09) රාත්‍රියේ අග්‍රාමාත්‍යවරයාගේ පෞද්ගලික නිවස ඉදිරිපිට පැවති විරෝධතාවක් අතරතුර කිසියම් පිරිසක් එම පරිශ්‍රයට කඩා වැදී පසුව එම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තබා තිබේ.
මේ අතර එම ස්ථානයේ රාජකාරියේ නියුතු මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් අමානුෂික ලෙස පහර දී ඇති බව පහර කෑමට ලක්වූ මාධ්‍යයවේදීහු පවසති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...