දේශීය පුවත්

ඊයේ(10) පැවති පක්ෂ නායක රැස්වීමේදී ගත් තීරණ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිඛිතව දැනුම් දී ඇති බව කථානායක කාර්යාලය පවසයි.

පාර්ලිමේන්තුවේ කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් හදිසි පක්ෂ නායක රැස්වීමක් ඊයේ (ජුලි 09) සවස ඔහුගේ නිල නිවසේ දී පැවැත්විණි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දේශපාලන පක්ෂ නායකයින් විසින් ගනු ලැබූ පහත සඳහන් තීරණ පිළිබඳව කථානායකවරයා විසින් ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද ලිපියක් මගින් ජනාධිපතිවරයා වෙත දන්වා ඇත.

• ජනාධිපති සහ අගමැති තම තනතුරුවලින් නොපමාව ඉවත් වීම
• වැඩ බලන ජනාධිපතිවරයෙකු පත් කිරීම සඳහා දින 7ක් ඇතුළත පාර්ලිමේන්තුව කැඳවීම
• සර්ව පාක්ෂික නියෝජිතයින්ගේ එකඟතාවයෙන් වැඩ බලන ජනාධිපතිවරයා යටතේ අන්තර්වාර රජයක් සහ නව අගමැතිවරයෙකු පත් කිරීම
• ජනතාවට නව මහජන නියෝජිතයන් පත්කර ගැනීමට ඉඩ සැලසීම සඳහා නියමිත කාලය තුළ මැතිවරණ පැවැත්වීම

මේ අතර අගමැති වික්‍රමසිංහ මහතා විසින් විකල්ප යෝජනා තුනක් ඉදිරිපත් කරන ලදී.

• ජනාධිපතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වීම සහ අගමැති වැඩබලන ජනාධිපති ලෙස කටයුතු කිරීම
• අගමැති ප්‍රමුඛ නව අන්තර්වාර රජයක් පිහිටුවීම
• ජනාධිපති සහ අගමැති යන දෙදෙනාම තම අමාත්‍ය ධුරවලින් ඉවත් වී පාර්ලිමේන්තු නියෝජිතයෙකු වැඩ බලන ජනාධිපතිවරයා ලෙස පත් කර නව අගමැතිවරයෙකු පත් කිරීම, සර්ව පාක්ෂික එකඟතාවයකින් නව අන්තර්වාර රජයක් පිහිටුවීම.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More