දේශීය පුවත්

මේ වන විට බෞද්ධ ස්වාමීන් වහන්සේලා සිවුනමක් විසින් කොටුව බෝධිය ඉදිරිපිටදී ආරම්භ කොට ඇති මාරාන්තික උපවාසය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයෙන් ඉවත් වන තෙක් අඛණ්ඩව සිදුකරන බව හැඩිගල්ලේ විමලසාර හිමියෝ පැවසූහ.

එහ්ඩි උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටියේ ,ස්වාමීන් වහන්සේගේ හඬට කන්දීමට ආණ්ඩුවේ වගකිවයුතු පුද්ගලයකු මේ දක්වා උපවාස භූමිය අසලට නොපැමිණි බවයි.

“මවුබිමේ නිදහස උදෙසා යතිවර පාරමිතාව’ යන මැයෙන් පසුගිය 7 වන දා ආරම්භ කළ සත්‍යග්‍රහය, මාරාන්තික උපවාසයක් දක්වා ඉදිරියට ගෙනයෑමට භික්ෂුන් වහන්සේලා සිව් නම පියවර ගත්තා.මෙම කර්තව්‍ය සඳහා සියලු නිකායන්ට අයත් විවිධ සමාජ සංවිධාන නියෝජනය කරන ස්වාමීන් වහන්සේ විශාල පිරිසක් එක්ව සිටිනවා. ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් අවධාරණය කර ඇති පරිදි වත්මන් ආණ්ඩුව ඉල්ලා අස්වී මාස හයක කාලයක් සඳහා සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවිය යුතුයි.ඉන් අනතුරුව මහජන ඡන්දයෙන් පාලන බලය ලබාගන්නා කණ්ඩායමට රට කරගෙන යාමට ඉඩදිය යුතුයි.රට ගිනි ගෙන ඇති මොහොතක කිසිදු සංවේදීතාවක් නොමැති ජනාධිපතිවරයා ජනතාව පීඩාවට පත්වකිරීම තවදුරට ත් බලා සිටිය නොහැකි බැවින් භික්ෂූන් වහන්සේලා මෙමමාරාන්තික උපවාසය ඇරඹුවා.” හැඩිගල්ලේ විමලසාර හිමියෝ පැවසූහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More