අවශ්‍ය ඉන්ධන, එල්පී ගෑස් සහ අනෙකුත් ඇණවුම් කළ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය තොග ජූලි 12 වැනිදා සිට අඛණ්ඩව ලැබෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
පවතින අර්බුදකාරී තත්ත්වය සහ එය විසඳීමට ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් රාජ්‍ය නායකයා ප්‍රකාශ කළේ රට තුළ ආහාර හිඟයක් ඇතිවීම වැළැක්වීම සඳහා විවිධ කෘෂිකාර්මික වැඩසටහන් යටතේ අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.
මේ අතර අත්‍යාවශ්‍ය ඖෂධ මේ වන විටත් ලැබී ඇති අතර ඉන්දීය ණය මාර්ගය යටතේ පොහොර මෙට්‍රික් ටොන් 65,000ක් ඇණවුම් කර ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ පොහොර මෙට්‍රික් ටොන් 44,000ක් රැගත් පළමු නෞකාව අද දිවයිනට පැමිණීමට නියමිත බවයි.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ පැවති සාකච්ඡා “ඉතා සාර්ථක” බව ජනාධිපතිවරයා සිය ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් කළේය. ඉදිරි සති කිහිපය තුළ ණය ආධාර වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පසුබිම සකස් කරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
“පසුගිය සති කිහිපය තුළ රාජ්‍ය නායකයින් මෙන්ම රටවල් රැසක තානාපතිවරුන් සමඟ ද දුරකථන සංවාද පවත්වා එම රටවල සහය ලබා ගැනීමට උත්සාහ කළා,” ජනාධිපතිතුමා වැඩිදුරටත් පැවසීය.
“පවතින ගැටලුකාරී තත්ත්වයට සාර්ථක විසඳුම් ලැබී තිබෙන මේ මොහොතේ විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් ජනතාව නොමඟ යැවීමේ වැඩපිළිවෙළ ඉතා කනගාටුදායක සහ අප්‍රසන්නයි. මේකෙන් වෙන්නේ රට ආයෙත් ආපස්සට යන එකයි.නිවැරදි ආර්ථික වැඩපිළිවෙලක් තුළින් රටේ අනාගත පරපුරට යහපත් රටක් ගොඩනැගීමට සහය වීම ජනතාවගේ වගකීම සහ යුතුකමයි.” යැයි පැවසූ ජනාධිපතිවරයා ,පවතින තත්ත්වය නිවැරදිව වටහාගෙන වැරදි මතවලට හසු නොවී සාමකාමීව සහ බුද්ධිමත්ව කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරනු ලැබීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...