දේශීය පුවත්

මේ වන විට කොළඹ චැතම් වීදියේ සහ ඒ අවට ප්‍රදේශවල ආණ්ඩු විරෝධී විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ වත්මන් රජයට ඉවත් වන ලෙස බලකරමින් අද (ජුලි 09) රට පුරා විරෝධතා පා ගමනක් සංවිධානය කර තිබේ.

මහජන විරෝධතාවට සහය පළ කිරීම සඳහා දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් අතිවිශාල ජනකායක් ගාලු මුවදොර පිටියේ පිහිටි ගෝඨගෝගම විරෝධතා භූමියට පැමිණ සිටියහ.

මේ අතර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඊයේ කැලණිය විශ්වවිද්‍යාලය අසලින් ආරම්භ කළ විරෝධතා පා ගමනකින් ගාලුමුවදොර පිටියට පැමිණියෝය.

වාර්තා වන අන්දමට දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, සිවිල් සංවිධාන සහ තවත් බොහෝ කණ්ඩායම් මෙම මහජන උද්ඝෝෂණයට සහය පළ කර ඇත.

මහජන විරෝධතාවලට පෙරාතුව, රජය ඊයේ 9.00 සිට පොලිස් ඇඳිරි නීතිය පැනවීය. කෙසේ වෙතත්, ඊයේ (ජූලි 08) රාත්‍රියේ බස්නාහිර පළාතේ සමහර ප්‍රදේශවල මෙම පියවර ප්‍රජාතන්ත්‍ර විරෝධී සහ රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් ලෙස දැඩි විවේචනයට ලක් විය.

පසුව, නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන බවට මුලින් ප්‍රකාශයට පත් කර තිබූ පොලිස් ඇඳිරි නීතිය අද උදෑසන 8.00ට ඉවත් කෙරුණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More