ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිවරයා රුසියාවට එරෙහි එක්සත් ජනපද සම්බාධක පිළිබඳ තොරතුරු ලේඛනයක් විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත යවමින් රුසියානු NSPK MIR ගෙවීම් පද්ධතිය සමඟ ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය සම්බන්ධ කිරීම සඳහා සලකා බැලීම මේ මොහොතේදී එක්සත් ජනපද සම්බාධකවලට ලක් වීමට සිදුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය මහ බැංකු අධිපතිවරයාට දැනුම් දෙයි.
රුසියානු මහ බැංකුවේ අනුමැතිය ඇති බැංකු කාඩ් පතක් වන MIR කාඩ් පත් ශ්‍රී ලංකාවේ භාවිතයට ගැනීම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ මතය විමසීම පිණිස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති තුමා විසින් 2022 ජූනි 01 වනදා එවන ලද ලිපියට පිළිතුරු වශයෙන් 08.06.20222 විදේශ කටයුතු අමාත්‍යාංශය මෙසේ පිලිතුරු දී ඇති බව වාර්තාවේ. විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු අංශයේ වැඩ බලන අතිරේක ලේකම් ඒ සබරුල්ලා ඛාන් මහතාගේ අත්සනින් යුතුව යවන ලද පිළිතුරු ලිපියක් මගින් මේ බව දන්වා ඇත.
එම ලිපියේ සම්පූර්ණ සිංහල පරිවර්තනය පහතින්…
ශ්‍රී ලංකාවේ රුසියානු ජාතික ගෙවීම් පද්ධතිය මගින් සේවා සපයන MIR කාඩ්පත් භාවිතය
1) ඉහත විෂය සම්බන්ධයෙන් 2022 ජුනි 01 දිනැති ඔබේ ලිපියට පිළිතුරු ලෙසයි.
2)ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිවරයා රුසියාවට එරෙහි එක්සත් ජනපද සම්බාධක පිළිබඳ පහත සඳහන් දෑ ඇතුළත් තොරතුරු ලේඛනයක් අමාත්‍යාංශය වෙත යොමු කර තිබේ:
රුසියානු රජය දරණු ලබන උත්සාහයන් අතර වෙළඳ ණය, මුදල් හුවමාරු කිරීම් සහ නියාමනය කළ විනිමය අනුපාත සඳහා යෝජනා ක්‍රම ඇතුළත් කර ඇත. එක්සත් ජනපදය සහ වෙනත් රටවල් විසින් මේ වන විට සම්බාධක පනවා ඇති ආයතනයක් වන රුසියාවේ මහ බැංකුවට පමණක් හිමි MIR ගෙවීම් පද්ධතිය පිළිගන්නා රටවල් ගණන පුළුල් කිරීමට රුසියාව උත්සහා ගනිමින් සිටී.
යුක්රේනය ආක්‍රමණය කිරීමට පෙර මේ සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කළේද යන්න නොසලකා, මේ අවස්ථාවේදී MIR කාඩ්පත් තම රටවල බැංකු මූල්‍ය පද්ධතියට හඳුන්වා දීම එක්සත් ජනපදය දැඩි ලෙස අධෛර්යමත් කිරීමට කටයුතු කරයි.
3) එබැවින්, NSPK MIR ගෙවීම් පද්ධතිය සමඟ අප රටේ බැංකු මුල්‍යය පද්ධතිය සම්බන්ධ කිරීම සඳහා සලකා බැලීම මෙම අවස්ථාවේදී එක්සත් ජනපද සම්බාධකවලට යටත් වේ.
අත්සන් කළේ,
ඒ සබරුල්ලා ඛාන්,
විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු අංශයේ වැඩ බලන අතිරේක ලේකම්.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...