ඊයේ(08) රාත්‍රී 9.00 සිට ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාතේ පොලිස් බල ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇඳිරි නීතිය පනවනු ලබන බව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඒ අනුව නැවත දැනුම් දෙන තුරු පහත සඳහන් පොලිස් බල ප්‍රදේශවල ඇඳිරි නීතිය බලපැවැත්වේ.
මීගමුව පොලිස් බල ප්‍රදේශය, කැලණිය පොලිස් බල ප්‍රදේශය, නුගේගොඩ පොලිස් බල ප්‍රදේශය, ගල්කිස්ස පොලිස් බල ප්‍රදේශය, උතුරු කොළඹ පොලිස් බල ප්‍රදේශය, දකුණු කොළඹ පොලිස් බල ප්‍රදේශය සහ මැද කොළඹ පොලිස් බල ප්‍රදේශය ඇඳිරි නීතිය පැනවූ ප්‍රදේශ බව පොලිස්පතිවරයා නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනතුරු නිවෙස් තුළටම වී සිටින ලෙස එම ප්‍රදේශවල පදිංචිකරුවන්ගෙන් ඉල්ලා සිටින පොලිසිය, එම නියෝගය කඩකරන්නන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවද අවධාරණය කරයි.
මේ අතර, පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ප්‍රදේශ හරහා ගමන් කිරීම සම්පූර්ණයෙන්ම තහනම් බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.
ඒ අනුව දැනට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියදුරන්ට දැනුම් දෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...