ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂෙන්සෝ අබේ වෙඩි තබා ඝාතනය කෙරුණි. හිටපු අග්‍රාමාත්‍යවරයා ඝාතනය කෙරුණේ නාගා නගරයේ ජනතා රැළියකට සහභාගී වී ජනතාව අමතද්දීය.
වෙඩි තැබීම කළේ ජනතාව අතරේ සිටි 41 ක් හැවිරිදි ජපන් ජාතිකයකු බවත්, ආරක්ෂක අංශ කඩිනමින් ඔහු අත්අඩංගුවට ගත් බවත් පැවැසෙයි. තමන් හිටපු අග්‍රාමාත්‍යවරයාට වෙඩි තැබුවේ, ඔහුගේ ක්‍රියා කලාපයට විරෝධය දැක්වීමක් ලෙස යැයි අත්අඩංගුවට ගත් එම තරුණයා පවසා තිබේ.
වෙඩි ප්‍රහාරය අග්‍රාමාතවරයාගේ පපුව පසාරු කළ බවත්, සිහිසුන්ව ඇද වැටුණු ඔහුගේ හදවත නැවැතී තිබුණු බවත් ඔහුට ප්‍රථමාධාර දීමට ඉදිරිපත් වුණු පිරිස පැවැසූහ. වෛද්‍ය ආධාරකරුවන් පැමිණ හිටපු අග්‍රාමාත්‍යවරයා රෝහල්ගත කරන විටත් ඔහු මියගොස් සිටියේය.
ජපානයේ වැඩිම කාලයක් අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ තැනැත්තා වන්නේ 67 හැවිරිදි ෂෙන්සෝ අබේය. 2012 සිට 2020 සැප්තැම්බරය තෙක් අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ අබේ, අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූයේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ජනතාවට උපරිම සේවයක් ලබා දීමට නොහැකි බව පවසමිනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...