දේශීය පුවත්

පසුගිය ජූනි 30 වනදා ජාතික මහජන සභාවේ මැදිහත් වීමෙන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එලි දැක්වුනු හැට එක් වැදෑරුම් සමාජ ගිවිසුම සම්බන්ධයෙන් ඊයේ(07) බොරැල්ල එන් එම් පෙරේරා මධ්‍යයස්ථානයේ දී පැවැති මාධ්‍යය සාකච්ඡාවක් අමතමින් මහාචාර්ය පූජ්‍යය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් අදහස් දැක්වූහ. එහිදී උන් වහන්සේ පවසා සිටියේ මේ වනතෙක් කිසිදු දේශපාලන කණ්ඩායමක් හෝ පක්ෂයක් මෙම අර්බූදයෙන් ගොඩයාමට අවශ්‍යය වන උපාය මාර්ගික සැලැස්මක් ඉදිරිපත් කර නොමැති බවයි. ඒ අනුව කවුරු බලයට ආවත් අනුගමනය කළ යුතු රට ගොඩනැගිය හැකි ජාතික මහජන සභාව ඉදිරිපත් කළ හැට එක් වැදෑරුම් වැඩ පිළිවෙල පිළිගත යුතුව ඇති බවයි. එහිදී උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටියේ මෙම වැඩ පිළිවෙල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට යැවීමට කටයුතු කර ඇති බවත් ඉදිරියේදී දේශපාලන පක්ෂ නායකයින් ගෙන්වා මේ සම්බන්ධයෙන් විවෘතව සාකච්ඡා කර ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි. කෙසේ වුවද මෙම වැඩ පිළිවෙල තවදුරටත් සංවර්ධනය කිරිමට අවස්ථාව ඇති බවද උන්වහන්සේ පවසා සිටියහ.

 

මෙහිදී ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා අදහස් දක්වමින්,” අර්බූදය උත්සන්න වී මාස හතරකට ආසන්න කාලයක් ගතවී තිබුණත් ආණ්ඩු පක්ෂය, විපක්ෂය හෝ ආණ්ඩුවෙන් ස්වාධීන වූ කණ්ඩායම් මෙම අර්බූදයෙන් ගොඩ යාම සඳහා අඩුම තරමින් තනි පිටුවක ලියවිල්ලක් හෝ රටට ඉදිරිපත් කර නැහැ. ඒ වෙනුවට එක්තරා දේශපාලන පක්ෂයක නායකයෙක් කියනව එයාට දුන්නොත් කරල පෙන්වන්නම් කියල. තව පක්ෂයක නායකයෙක් කියනව අගමැතිකම භාර දුන්නොත් මාස හයෙන් කරල පෙන්වන්නම් කියල. මේ අයගෙන් අපට අහන්න සිද්ධ වෙනව අගමැති වෙන්න කලින් නැති මොලයක් අගමැති වුනායින් පස්සේ පහල වෙනවද කියල.කිසිදු වැඩපිලිවෙලක් නැතිව මේ හැමෝම ආණ්ඩු බලය ඉල්ලනව. මේ වන විට ජනාධිපති තුමා ‘සකබර්ග් සහ ජුලී චුන්ග්’ හදල දුන්න බංකරයක සැඟවිලා ඉන්නව.එතුමා මුහුණු පොත හරහා පනවන මානසික බාධක වලටත් අමෙරිකානු තානාපතිනිය පනවන මානසික බාධක වලටත් බයවෙලා ඉන්නේ. ජනවරමක් නැතිව පස්ස දොරෙන් පත් වුණු අගමැතිවරයා අද අර්බූදය උත්සන්න වෙනකම් බලාගෙන ඉන්නව.එය තමයි ඔහුට පැවරුණු භූමිකාව.අනෙක් පැත්තෙන් සියලුම දේශපාලන පක්ෂ පාර්ලිමේන්තුව ඇතුලෙ ගොන් කතා කියමින් දෙපැත්ත වාද කරමින් ඉන්නව.මේ සියලු දෙනාටම අපි කියනව මහජනයාගේ කෝපය සමඟ සෙල්ලම් කරන්න එපා කියල. අනෙක් අතට අන්තර්කාලීන හෝ ජාතික ආණ්ඩු හෝ සර්ව පාක්ෂික හෝ ආණ්ඩු හැදුවත් අපට කමක් නැහැ. හැබැයි අපි අභියෝග කරනව සියලුම පක්ෂ නායකයන්ට මොන ආණ්ඩු හැදුවත් අර්බූදයෙන් ගොඩ යන වැඩපිළිවෙල වහාම රටට ඉදිරිපත් කරන්න කියා.”

මෙම අවස්ථාවට ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර, යුක්තිය උදෙසා ජනතා හඬ සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ මධුමාලි අල්විස්, ගෝලීය ශ්‍රී ලාංකීය සංවිධානයේ විධායක සභික ප්‍රිමාල් ෆර්නෑන්ඩු, පනස් හයේ දරුවෝ සංවිධානයේ ජාතික සංවිධායක සේනාරත්න ද සිල්වා, මහජන යුතුකම් කේන්ද්‍රයේ කැඳවුම්කරු වසන්ත අල්විස් සහ තිරසාර සංවර්වධන බිඟුන් සංවිධානයේ    වසන්ත  පුංචිහේවා යන මහත්වරු සහභාගි වී සිටියහ.







Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More