පොහොර මෙට්‍රික් ටොන් 40,000ක තොගයක් හෙට (ජුලි 09) අගභාගයේදී දිවයිනට පැමිණීමට අපේක්ෂා කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේය.
මේ අතර ඉදිරි දින දෙක තුළ තවත් මෙට්‍රික් ටොන් 25,000ක පොහොර තොගයක් කොළඹට පැමිණීමට නියමිත බවද ඒ මහතා වැඩිදුරටත් අනාවරණය කළේය.
මේ අතර කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ, මෙම පොහොර තොග පැමිණීමෙන් පසු පොහොර බෙදා හැරීමේ ක්‍රියාවලිය ජූලි 10 (ඉරිදා) සිට ආරම්භ කරන බවයි.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහටාගෙන් මාධ්‍වේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා සිටියේ මහ කන්නයට අවශ්‍ය පොහොර තොග බෙදා හැරීමට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන දැනටමත් වෙන් කර ඇති බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...