දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජුලී චුන්ග් මහත්මිය පසුගියදා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක හමුවීම සම්බන්ධව අදහස් පළකර ඇතැයි වාර්තාවේ. ඇයට අනුව ඇමරිකානු ප්‍රතිපත්ති, ආයෝජන ව්‍යාපෘති, වැඩසටහන් හෝ වෙනත් ආධාර සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායකයාට කිසියම් ප්‍රශ්නකාරී තත්වයක් ඇති වූ විට ඇයව සම්බන්ධ කර ගැනීමට අවස්ථාව විවරව තිබේ. ඒ අනුව දෙපාර්ශ්වයම ඒ අනුව කටයුතු කීරීමෙන් වැරදි තොරතුරුවලින් ගැලවිය හැකි බව ඇය අවධාරණය කර ඇති බවද එම වාර්තා පවසයි.

ඇයට අනුව ජනතා විමුක්ති පෙරමුණ යනු විශාල පැවැත්මක් සහ වැඩිවන ජනප්‍රියත්වයක් ඇති පක්ෂයකි.
“මම මුලින්ම ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී මගේ කාර්යය මණ්ඩලයට කිව්වා මම සියලුම දේශපාලන පක්ෂ, සිවිල් සමාජ, ශිෂ්‍ය කණ්ඩායම් සහ ආගමික කණ්ඩායම් හමුවීමට වග බලා ගන්නවා කියලා. අපි එක කණ්ඩායමක් හෝ මුණ නොගැසීම, වෙනත් කිසිවකු දුරස් කිරීම වැදගත් වන්නේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණ හොඳ අවබෝධයක් තිබෙන දේශපාලන පක්ෂයක්” යනුවෙන් ඇය පවසා ඇති බවද මාධ්‍යය වාර්තා පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ජවිපෙ පැරණි ක්‍රියාකාරී සාමාජිකයෙකු ලංකා ලීඩ් වෙත පවසා සිටියේ, “ජනතා විමුක්ති පෙරමුණ ආරම්භයේ සිටම අමෙරිකානු එක්සත් ජනපද අධිරාජ්‍යයවාදය දැඩිව ප්‍රතික්ෂේප කළා. අමෙරිකාව සතුරු කඳවුරේ නියමුවා ලෙසයි ජවිපෙය සැළකුවේ. එලෙසම එජාපය අමෙරිකාවේ සෘජු ඒජන්තයා ලෙස ජවිපෙය හඳුනා ගත්තා. අද ඒ සියල්ල කනපිට හැරිලා. අමෙරිකානු තානාපතිනිය ජවිපෙයට ඉහළම ලකුණු දෙන තැනට පත් වෙලා. මගේ දැනුමේ හැටියට ජවිපෙය අද අමෙරිකාවේ දකුණු ආසියානු කළාපයේ අභිලාශයන් ඉෂ්ඨ කරන කණ්ඩායම බවට පත්වෙලා. මෙය ඉතාම භයානක දේශපාලන පීලි පැනීමක්.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More