ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය හමුවේ ඇමෙරිකාව ලබා දී ඇති සහාය පිළිබඳ දැනුම්වත් කිරීම සඳහා පැවැති මාධ්‍ය හමුවක් අමතමින්, ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය පවසා සිටියේ රුසියානු බොරතෙල් සඳහා ඇමෙරිකාව පනවා ඇති සම්බාධක ශ්‍රී ලංකාවට බල නොපාන බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්, ශ්‍රී ලංකාව ලෝකයේ රටවල් සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වාගෙන යා යුත්තේ කෙසේදැයි ඇමෙරිකා එක්සත් ජනපදය උපදෙස් ලබා නොදෙන බවයි. එය ශ්‍රී ලංකා රජයේ තීරණයක් බවත් පැවසූ ජූලි චන්ග් මහත්මිය යුක්රේන – රුසියාව යුද්ධය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදය රුසියානු බොරතෙල් සඳහා සම්බාධක පනවා ඇතත් එය තුන්වෙනි පාර්ශ්වයකට බල නොපාන බවද ප්‍රකාශ කළාය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...