සජබ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඊයේ (6 දා) පාර්ලිමේන්තුවේ දී අග්‍රාමාත්‍යවරයා මුදල් ඇමැති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට ඇමැති ධම්මික පෙරේරා මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සිය මතය කුමක්දැයි අගමැතිවරයාගෙන් ප්‍රශ්න කළේය. එහිදී නිෂ්චිත පිළිතුරක් දීමට අගමැතිවරයා අපොහසත් විය.
ඔවුන් දෙදෙනා අතර සිදුවූ සංවාදය,
හර්ෂ ද සිල්වා මහතා – මේ දැන් වට්ස්ඇප් පණිවුඩයක් ආවා. එමගින් ධම්මික පෙරේරා ඇමැතිවරයා කියලා තිබෙනවා අගමැති ඉල්ලා අස්විය යුතුයි කියලා. ඔබතුමා මොකක්ද ඒ ගැන කියන්නේ?
අගමැති – ආ කමක් නෑ. ඔබතුමාගේ ප්‍රශ්නවලට අපි පිළිතුරු ලබාදුන්නානේ. ආණ්ඩුවේ හිටියා වගේ ඔබතුමාට තව පියවර දෙකයි ඉන්න තිබෙන්නේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...