දේශීය පුවත්

ලංකා බැංකු සේවක සංගමයේ උප සභාපති ධනුෂ්ක කුමාරසිංහ මහතා මාධ්‍යය වෙත අදහස් දක්වමින් පවතින ඉන්ධන අර්බුදය මත බැංකු පද්ධතිය තවදුරටත් පවත්වාගෙන යාමට අපහසු බව අවධාරනය කළේය.

එහිදි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, ආණ්ඩුව විසින් බැංකු පද්ධතිය පවත්වාගෙන යාම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් මෙතෙක් සකස් කර නැති බවයි.

“මේ වෙනකොට බැංකු පද්ධතියේ වැඩකර ගෙන යෑම සඳහා ලොකු අර්බුදයක් නිර්මාණය වෙලා තියෙනවා. එකක් තමයි බැංකු සේවකයෝ රාජකාරියට එන්න වෙලා තියෙන්නේ මේ රටේ සාමාන්‍ය පුරවැසියෝ විදිහට තමයි. බැංකු පවත්වාගෙන යාම සඳහා කිසිදු වැඩපිළිවෙළක් ආණ්ඩුව මැදිහත්වෙලා සිද්ධකරලා නැහැ. ඒ නිසා බැංකු සේවකයින් රාජකාරියට එන්නට පුළුවන් තත්ත්වයක් නිර්මාණය වෙලා නැහැ. අනෙක් එක තමයි බැංකු පද්ධතිය පවත්වාගෙන යෑම සඳහා විදුලිය අවශ්‍යයි. විදුලි කප්පාදුවත් සමග බැංකු දුවන්න වෙලා තියෙන්නේ ඉන්ධන ජෙනරේටර් භාවිත කරලා. එතකොට බැංකු පවත්වාගෙන යෑම සඳහා ඒ ජෙනරේටර් පවත්වාගෙන යෑමට ඉන්ධන ලබාදීමේ වැඩපිළිවෙළක් සිද්ධවෙලා නැහැ. ඒ මේ වෙද්දි එකින් එක වැහෙමින් තිබෙන්නේ. විශේෂයෙන් ගත්විට ග්‍රාමිය පළාත්වල බැංකු පවත්වාගෙන යන්න බැහැ. බැංකු පවත්වාගෙන යෑම සඳහා ජෙනරේටර් පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වයක් නැහැ. ඒවට ඉන්ධන නැති තත්ත්වයක් තියෙන්නේ. ඒ වගේම සේවකයින් රාජකාරියට වාර්තා කිරීමට පුළුවන් තත්ත්වයක් ඇති වෙලා නැහැ. ඒ නිසා මේ බැංකු ඉදිරියට පවත්වාගෙන යාම සඳහා මේ වනතුරු නිෂ්චිත වැඩපිළිවෙළක් අපිට ඉදිරිපත්කරලා නැහැ. ඒ නිසා ඉදිරියේදී බැංකු පවත්වාගෙන යාමේ බරපතළ ගැටලුවක් තියෙනවා.”

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More