වත්මන් ආර්ථික අභියෝගවලින් මිදීම සඳහා ශ්‍රී ලංකාවට ඉන්ධන ආනයනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතාගෙන් ණය ආධාර ඉල්ලා තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ අද (ජුලි 06) තමා රුසියානු සහචරයා සමඟ ඉතා ඵලදායී දුරකථන සංවාදයක නිරත වූ බවයි.
දෙරට අතර මිත්‍රත්වය ශක්තිමත් කිරීම සඳහා සංචාරක, වෙළෙඳ සහ සංස්කෘතික වැනි ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම ප්‍රමුඛ වන බවට නායක දෙපළ ඒකමතිකව එකඟ වී ඇත.
ඔවුන්ගේ සංවාදය අතරතුර, රුසියානු ගුවන් සමාගමක් වන එරොෆ්ලොට් ගුවන් සමාගමට ශ්‍රී ලංකාවට ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමට මැදිහත් වන ලෙස ජනාධිපති රාජපක්ෂ මහතා රුසියානු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

ශ්‍රී ලංකාව පසුගිය කාලයේ මුහුණ දුන් අභියෝග ජය ගැනීම සඳහා රුසියානු රජය ලබාදුන් සහය පිළිබඳව ද ගෝටාභය රාජපක්ෂ මහතා රුසියානු ජනාධිපතිවරයාට ස්තුතිය පළ කිරීමටද කටයුතු කර තිබේ.
මේ අතර ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා රුසියාවේ සහාය ලබාගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් ලබන නව වැනි දා රුසියාව බලා පිටත්ව යාමට නියමිත ඇති බවද වාර්තා වේ.
නියෝජිත පිරිසට අධ්‍යාපන ඇමති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත ,රුසියාවේ හිටපු තානාපති වෛද්‍ය සමන් වීරසිංහ යන මහත්වරුන් ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සහභාගි වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතාට විශේෂ ලිපියක් යවමින් දැනුම් දී ඇතැයිද වාර්තා වේ. ශ්‍රී ලංකා නියෝජිතයන් දෙදෙනා එරට රජයේ ඉහළ පෙළේ නියෝජිතයන් සමඟ ලබන එකොළොස් වැනි දා සිට 15 වැනිදා දක්වා මූලික සාකච්ඡාවට ගණනාවක් පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා නියෝජිතයෝ ඉන්ධන, පොහොර ගෑස්,ණය සහ මානුෂිය ආධාර ආදිය ලබාගැනීම සම්බන්ධයෙන් එරට නියෝජිතයින් සමඟ සාකච්ඡා කිරීමට නියමිතය. රුසියාවේ හිටපු තානාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතාට අනුව මෙම සාකච්ඡා සඳහා සියල්ල සූදානම් බව රුසියානු තානාපති කාර්යාලය දැනුම් දී තිබේ.
වෛද්‍ය සමන් වීරසිංහ මහතා මාධ්‍යය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට රුසියාවෙන් ලබාගත හැකි සියලු සහනයන් ලබා ගැනීම සම්බන්ධයෙන් ඔවුන් සමඟ සාකච්ඡා කර එරට රජයේ ලබා සහාය ලබා ගැනීමට අපේක්ෂා කරන බව පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...