දේශීය පුවත්

පෝලිම්වල පීඩා විඳින ජනතාවට කඩිනමින් සුබ පණිවිඩයක් ලබා දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ස්වාධීන වූ පක්ෂ දහයේ නායකයින්ගේ සාකච්ඡාවකින් පසු ඊයේ (05) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, පවතින අර්බුදයට විසදුම් ලබා ගැනීමට නම් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවිම අනිවාර්යයෙන්ම සිදුකළ යුතු බවය.

ස්වාධීන වූ පක්ෂ දහයේ නියෝජිතයන්ගේ රැස්වීමක් ඊයේ පස්වරුවේ කොමියුනිට්ස් පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණි.

“රටේ දැන් පවතින පාලනය ගැන කිසිදු විශ්වාසයක් මහජනතාවට නැහැ. ඒ නිසා එකම විසඳුම තියෙන්නේ මැතිවරණයක් පැවැත්වීමට හැකි වාතාවරණය ඇතිවෙන තුරු මේ ප්‍රධාන ප්‍රශ්න කිහිපයෙන් එම ජනතාව ගලවාගැනීමට නිශ්චිත අවම වැඩපිළිවෙලක් ඉදිරිපත් කොට, ඒ වැඩපිළිවෙල පමණක් ක්‍රියාත්මක කිරීම සඳහා සර්ව පාක්ෂික අන්තර් කාලීන පාලනයක් පිහිටුවන එක. ඒ සඳහා මුලිකත්වය අරගෙන කටයුතු කිරීම අපේ බලාපොරොත්තුව.”

ප්‍රශ්නය – කවුරු එකඟ වුණත් ජනාධිපති එකඟ විය යුතුයි නේද ?

“ජනාධිපති එකඟවෙන්නේ නැත්නම්, ජනාධිපතිවරයාව ඉවත්කරන්න අපට පුළුවන් විය යුතුයි.”

ප්‍රශ්නය -අගමැතිවරයා ජනතාවගේ දුක ගැන පාර්ලිමේන්තුවේ දී කතා කරනවා.

“සාමාන්‍ය තත්ත්වයකට දී හැසිරෙන විදියට නෙමෙයි නායකත්වය දෙන්න ඕනේ අර්බුදයකාරි වාතාවරණයක දී. මෙතැන වෙන්නේ සාමාන්‍ය තත්ත්වයක දීවත් හැසිරෙන්නේ නැති විදියට නායකත්වයක් තමා මේ දෙපළ විසින් රටට ලබාදෙන්නේ.”

ප්‍රශ්නය – රුසියාව සමග සාකච්ඡා මොකද දැන් ?

“අපි දැන් ගොඩක් සාකච්ඡා කරලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා කඩිනමින් මේ රටට සුබ ආරංචියක් දෙන්න. මම හිතන්නේ ඒක අපිට කරන්න පුළුවන්. නුදුරේ දීම පෝලිම් ගොඩ ගැහෙන ඒ පීඩිත ඉරණමෙන් මේ රට නිදහස් කරගන්න පුළුවන්.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More