දේශීය පුවත්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසක් ජනාධිපති මන්දිරයට පිවිසීමට තිබෙන මුරකාවල් කිහිපයක් පසු කරමින් ගොස් ජනාධිපති මන්දිරය ආසන්නයටම ගොස් ඇති බව සමාජ ජාලා පරිශීලකයන් අතර හුවමාරු වන වීඩියෝ පටයකින් තහවුරු වේ. කෙසේ වුවද ඇය ඇතුළු පිරිස ජනාධිපති මන්දිරයේ අවසාන පිවිසුම් ගේට්ටුව අසලදී ජනාධිපති ආරක්ෂක අංශය විසින් නවතා දමා ඇති බවද එම වීඩියෝ පටයෙන් තහවුරු වේ. කෙසේ වුවද හිරුණිකා සමඟ ජනාධිපති මන්දිරයේ පිවිසුම් අතර සිර වී සිටින පිරිස තමන්ගේ ආරක්ෂාවට පැමිණෙන ලෙස ගෝල් ෆේස් අරගලකරුවන්ට මෙන්ම රට පුරා සිටින ජනයාට ආයාචනා කරනු එම වීඩියෝ පටයෙන් තහවුරු වේ. ජූලි 9 වෙනිදාට ගෝඨාභය ගෙදර යවන සටනේ පෙරහුරුවක් ලෙස මෙම සිද්ධිය සැලකිය හැකි බව ගැටුම් විශ්ලේෂකයෝ අප වෙත අදහස් දක්වමින් පවසා සිටියහ.

මේ වන විට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ජනාධිපති මන්දිරයේ ප‍්‍රධාන ගේට්ටුව ඉදිරිපිට බිම වාඩිලාගෙන විරෝධතාවක් ආරම්භ කර ඇත.

ජනාධිපතිවරයා ඉවත්ව යන තුරු මෙම සටන ක‍්‍රියාත්මක කරන බවද ඇය කියා සිටී.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More