ලංවිම ප්‍රධාන විදුලි ඉන්ජිනේරුවන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කොට ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඊයේ (ජූලි 5) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
එහිදී වැඩිදුරටත් කරුණු දක්වමින්, විදුලි බල පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ඉකුත් ජූනි 9 වන දා විදුලි ඉන්ජිනේරුවන් විසින් රට පුරා ක්‍රියාත්මක කළ විරෝධය අතරතුර ජල විදුලි භාවිත නොකර සිතාමතා ඩීසල් බලාගාර ක්‍රියාත්මක කළැයි යන චෝදනා මත එම දෙදෙනාගේ වැඩ තහනම් කළ බවද අමාත්‍යයවරයා පැවසුවේය.
ලංකා විදුලි බල මණ්ඩලය මෙම කඩාකප්පල්කාරී ක්‍රියාව සම්බන්ධයෙන් ආරම්භ කළ විමර්ශනයට අනුව මෙම වැඩ තහනම් කිරීම කර ඇති අතර පද්ධති පාලන අංශයේ ප්‍රධාන ඉන්ජිනේරුවරයෙකු සේම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයෙකු වන අලහකෝන් සහ ප්‍රධාන ඉන්ජිනේරුවරයෙකු සේම ලංවිම ඉන්ජිනේරුවන්ගේ සංගමයේ සම ලේකම් වන එරංග කුඩාහේවාගේ යන අය මෙලෙස වැඩ තහනමට ලක්ව ඇති බවද අමාත්‍යවරයා පැවසුවේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...