අල් ජසීරා පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට තමාට හැකි යැයි තමන් විශ්වාස කරන බව පවසයි.
තමාගේ වැඩපිළිවෙල අනුව ආර්ථිකය ස්ථාවරත්වයට පැමිණීමට මාස 18ක කාලයක් ගත වනු ඇති බවද අග්‍රාමාත්‍යයවරයා අවධරණය කරන ඔහු 2023 වසර අසීරු වනු ඇති බව ත් 2024 වසර වන විට එම තත්ත්වය සුබවාදී වනු ඇති බවත් පවසයි.
“ආර්ථිකය වෙනස් කිරීමට මට හැකි බව මට විශ්වාසයි.අපි ඉන්ධන මිල දී ගන්නේ එක්කෝ ඉන්දියානු ණය මාර්ග භාවිතා කර හෝ ප්‍රේෂණ වලින් ලැබෙන විදේශ විනිමය භාවිතා කරමිනි. එය කුඩා මුදලක්. සමහර විට අපට ඩොලර් බිලියනයක් හෝ බිලියන එකහමාරක් ලැබෙනවා. අපි ණය හිමියන්ගෙන් ලබාගත් දේවලින් ඉතිරි සංචිත දැනටමත් අවසන් වෙලා.පවතින තත්ත්වය ආර්ථිකයට විශාල පසුබෑමක් සහ ජනතාවට බොහෝ දුෂ්කරතා නිර්මාණය කර තිබෙනවා.අපි ඉදිරි දින කිහිපය තුළ ගෑස් ලබා ගැනීමට මෙන් ම අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා.ප්‍රශ්නේ තියෙන්නේ පෙට්‍රල්… ඒකට ටිකක් කල් යයි. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කාර්ය මණ්ඩල මට්ටමින් එකඟතාවකට පැමිණ තිබෙනවා එය ආර්ථිකය ස්ථාවර කිරීමට අවශ්‍යයි.බොහෝ විට අගෝස්තු මාසයේදී අතුරු අයවැයක් ගෙන ඒමට තම රජය සැලසුම් කරමින් සිටිනවා.”
අග්‍රාමාත්‍යවරයා වත්මන් පාලනයට එරෙහිව ගොඩ නැගී ඇති ජනතා අරගලය සම්බන්ධයෙන් ද එහිදී අදහස් දක්වමින්,
“විරෝධතාකරුවන්ට බොහෝ ඉල්ලීම් ඇතැයි මම නොසිතමි. ඔවුන්ට අවශ්‍ය වන්නේ වෙනසක් පමණයි. එය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පමණක් නොවේ. පාර්ලිමේන්තුව ශක්තිමත් කරන්නේ කොහොම ද?. පවතින ක්‍රමය මගින් තමන්ව අතහැර දමා ඇති බව විරෝධතාකරුවන්ට හැඟෙනව. ඒක ඔවුන් ඉදිරිපත් කර ඇති වලංගු කරුණක්. පක්ෂ විවෘත විය යුතුයි. පාර්ලිමේන්තු ව්‍යුහය වෙනස් කිරීම සම්බන්ධයෙන් මම යෝජනා කිහිපයක් ඉදිරිපත් කර එය හිටපු කතානායක කරු ජයසූරිය මහතාට යොමු කර තිබෙනවා.සුබසාධනය සඳහා අතුරු අයවැයෙන් රුපියල් බිලියන 200ක් (ඩොලර් මිලියන 560ක්) වෙන් කිරීමට අපි සැලසුම් කරනවා. අපි දැනටමත් මුදල් වෙන් කරලා තියෙන්නේ. අප සැලසුම් කරන ආහාර වැඩසටහන සමග එය ප්‍රමාණවත් වනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...