දේශීය පුවත්

තවදුරටත් ජනතාව පීඩාවට පත් නොකර,රට වැටී ඇති ඛේදනීය තත්ත්වය ගැන වගකීම භාර ගෙන, සිය තනතුරු වලින් ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයාගෙන් හා රජයෙන් ඉල්ලා සිටින බව අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ පවසති.

උන්වහසේගේ අදහස් දැක්වීමට අනුව මේ වන විට උග්‍ර වී ඇති අර්බුදකාරී තත්ත්වයට ජනාධිපතිවරයා සහ රජය පසුගිය වසර දෙක හමාරක කාලය තුළ ගන්නා ලද අදුරදර්ශී අත්තනෝමතික තීරණ සෘජුවම බලපා තිබේ.

“ඉන්ධන, විදුලිය, සෞඛ්‍ය, කෘෂිකර්මය, අධ්‍යාපන ගැටලු විසඳීමට රජයට කිසිඳු සැලැස්මක් හෝ ඉදිරි දැක්මක් නැහැ. ජනතාව සැතපුම් ගණනක් දිගු පෝලිම්වල දින ගණනක් දුක් විඳිමින් ගෙවන අසරණ තත්ත්වයෙන් මුදවා ගැනීමට රජය අසමත් වී තිබෙනවා.රට මුහුණදී ඇති අවාසනාවන්ත තත්ත්වයෙන් ගොඩ ඒමට විශාලතම බාධාව වී ඇත්තේ, මහජනතාවගේ දැඩි අවිශ්වාසය හා අප්‍රසාදය මැද රාජපක්ෂ පවුල තවමත් බලයේ රැඳී සිටීමයි. මෙම තත්ත්වය තුළ එසේ රැඳී සිටීමට ඔවුන්ට සදාචාරාත්මක අයිතියක් මැති නිසා ඔවුන් සිය තනතුරුවලින් ඉල්ලා අස්වී රටේ අනාගතය ජනතාවට භාර දිය යුතුයි.ඉන් පසු අන්තර්කාලීන සර්වපාක්ෂික ආණ්ඩුවක් මඟින් පවතින ගැටලු විසඳීමට කටයුතු කළ යුතුයි.” යනුවෙන් කාදිනල් හිමිපාණන් වහන්සේ නිකුත් කළ මාධ්‍යය නිවේදනය මගින් පෙන්වා දේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More