දේශීය පුවත්

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය මාධ්‍යය නිවේදනයක් නිකුත් කරමින් මව්බිමට ආදරය කරන සංගමයක් ඉල්ලා සිටින්නේ, සියලුම වෘත්තිකයන්, සියලුම දේශපාලන සංවිධාන සහ සියලු මහජනතාව එක්ව රට පුරා යම් කිසි වෘත්තිමය ක්‍රියාමාර්ගයකට එළඹිය යුතු බව හා දැනටත් පවත්වන සාමකාමී උද්ඝෝෂණ තවදුරටත් දැඩි කිරීම මගින් පැහැදිලි විසඳුමක් ඉදිරිපත් කිරිමට රජය පෙළඹ විය යුතු බවයි.

එම සංගමය විසින් නිකුත් කරන ලද සම්පූර්ණ මාධ්‍යය නිවේදනය….

පොදු මහජනතාව, සිවිල් සංවිධාන, වෘත්තිමය සංවිධාන සහ දේශපාලන කණ්ඩායම් වලට කරන විවෘත ආරාධනයයි.
ආර්ථිකමය වශයෙන් අප රට අත්විඳින දරුණුතම අර්බුදයට අප දැන් මුහුණ පා සිටිමු. එහි උච්චතම අවස්ථාවට අප තවම පැමිණ නැත.

මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, අපගේ පුරවැසියන්ට ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් ලබා දීමේ ක්‍රියාවලියේදී වෛද්‍ය විශේෂඥයින් වන අපි විවිධ අභියෝගවලට මුහුණ දෙමින් සිටිමු.

අප සාමාජිකයන් තමන්ට හැකි උපරිමයෙන් සේවා සැපයීමට උත්සාහ කළද, රජයේ පැහැදිලි ප්‍රතිපත්තිය වන ” පැලැස්තර විසඳුම්” ඉදිරිපත් කිරීම හා ” එකිනෙකා බෙදා වෙන්කොට පාලනය” යන මුලධර්මය හමුවේ මහජන අවධානය රට මුහුණ පා සිටින ප්‍රධාන අර්බුදයෙන් වෙනතකට යොමු කර ඛණිජ තෙල් ප්‍රශ්නයට ලඝු කොට තැබීම මගින් ප්‍රශ්නය තව තවත් බැරෑරුම් වී ඇත.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ලෙස අප විශ්වාස කරන්නේ ඛණිජ තෙල් හෝ වෙනයම් ඕනෑම අවශ්‍ය භාණ්ඩයක් හිඟ අවස්ථාවකදී සියලුදෙනාටම යම් සාධාරණ ක්‍රමයක් යටතේ එය ලබා ගැනීමට අවශ්‍ය විධිමත් පියවර ගත යුතු අතර, එය ජනතාව “බෙදා” ඔවුනොවුන් අතර ගැටුම් ඇති කිරීම සඳහා ආයුධයක් කර නොගත යුතු බවයි.

මෙම සියළු අර්බුද තව දුරටත් වර්ධනය වී විසඳා ගැනීමට නොහැකි තත්ත්වයට පත්වීමට පෙර, ඒවා විසදීමට මහජනතාව ලෙස අප සියලු දෙනා එකතුව රජයට දැඩි බලපෑමක් ඇති කිරීම අත්‍යවශ්‍ය බව අප සංගමය දැඩි ලෙස විශ්වාස කරමු.

එබැවින්, නිශ්චිත කාලසීමාවකට භාර ගැනීම සඳහා විශ්වාසනීය, සර්ව පාක්ෂික, අන්තර්වාර ආණ්ඩුවකට මග පාදා දෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති රනිල් වික්‍රමසිංහ වහාම ඉල්ලා අස්විය යුතු බවට පසුගියදා පැවති වාර්ෂික මහා සභා රැස්වීමේදී සාමාජිකත්වය විසින් අනුමත කරන ලද අපගේ වත්මන් ස්ථාවරය අපි නැවතත් අවධාරණය කරමු. මේ, ආර්ථික හා සමාජීය අර්බුදයෙන් අපේ රට ගොඩගැනීම සඳහා පොදු අවම ඵලදායී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටයි.

මෙම යෝජිත විසඳුම සඳහා රජය කන් නොදෙන්නේ නම් තම මව්බිමට ආදරය කරන සංගමයක් ලෙස අප ඉල්ලා සිටින්නේ සියලුම වෘත්තිකයන්, සියලුම දේශපාලන සංවිධාන සහ සියලු මහජනතාව එක්ව රට පුරා යම් කිසි වෘත්තිමය ක්‍රියාමාර්ගයකට එළඹිය යුතු බව හා දැනටත් පවත්වන සාමකාමී උද්ඝෝෂණ තවදුරටත් දැඩි කිරීම මගින් පැහැදිලි විසඳුමක් ඉදිරිපත් කිරිමට රජය පෙළඹ විය යුතු බවයි.

අවසාන වශයෙන්, නව ආරම්භයක් සහතික කිරීම මෙම තීරණාත්මක සන්ධිස්ථානයේදී සියලුම පුරවැසියන්ගේ ප්‍රමුඛතාවය විය යුතු බව අපගේ දැඩි හැඟීමයි.

– විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More